ජාත්‍යන්තර බුද්ධිමය දේපල අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ 2024 ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සම්මේලනයට චීන ජනපතිගෙන් සුබ පැතුම්
2024-10-19 20:47:56
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජාත්‍යන්තර බුද්ධිමය දේපල අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ 2024 ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සම්මේලනය වෙත අද(19) සුබ පැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

චීනය සෑමවිටම බුද්ධිමය දේපල අයිතිවාසිකම් සුරැකීමට වැඩි අවධානයක් යොමු කරන බව ෂී ජින්පිං මහතා එම සුබ පැතුම් පණිවිඩයෙන් පෙන්වා දී ඇත.

බුද්ධිමය දේපල අයිතිවාසිකම් තහවුරු කිරීමෙන් රට බලගැන්වීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන චීනය, බුද්ධිමය දේපල අයිතිවාසිකම් ව්‍යායාමයෙහි ඓතිහාසික ජයග්‍රහණ දිනා ගෙන, ‘චීනයට අනන්‍ය බුද්ධිමය දේපල අයිතිවාසිකම් සංවර්ධන මාර්ගයක්’ නිර්මාණය කර ඇත. විවිධ පාර්ශ්වයන් සමග එක්ව සහයෝගීතාව පුළුල් කරමින් බුද්ධිමය දේපල අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර බහුපාර්ශ්වික පද්ධතිය ස්ථිරව ආරක්ෂා කිරීමෙහි චීනය නියැළී සිටියි. නවෝත්පාදන සංවර්ධනයට හිතකර ජාත්‍යන්තර පරිසරයක් ගොඩනැගීමට ‘චීන බුද්ධිය’ හා ‘චීන විසඳුම්’ සැපයීමට ද චීනය කැමැත්තෙන් සිටියි. ගෝලීය බුද්ධිමය දේපල අයිතිවාසිකම් පරිපාලන පද්ධතිය වඩාත් සාධාරණ හා යුක්ති සහගත දිශාවක් කරා ඉදිරියට ගෙන යමින් මානව යහපැවැත්ම වෙනුවෙන් චීනයේ දායකත්වය ලබා දීමට අපේක්ෂා කරන බව ද ඔහු ප්‍රකාශ කර ඇත.

ජාත්‍යන්තර බුද්ධිමය දේපල අයිතිවාසිකම් සුරැකීමේ සංගමයේ 2024 ලෝක බුද්ධිමය දේපල අයිතිවාසිකම් සම්මේලනය අද චීනයේ චජියං පළාතේ හන් චෞ නගරයේ දී ආරම්භ විය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම