චීන විදේශ අමාත්‍ය Wang Yi මහතා ඊයේ(18) බෙයිජිංහි දී බ්‍රිතාන්‍ය විදේශ පොදුරාජ්‍ය මණ්ඩලීය සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් David Lammy මහතා හමුවිය.
චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දේශපාලන කාර්යාංශයේ සාමාජික, විදේශ අමාත්‍ය Wang Yi මහතා එහිදී කියාසිටියේ, දෙරට නායකයන්ගේ එකඟතාවන් අනුගමනය කරමින් අන්‍යෝන්‍ය සහයෝගයෙන් බ්‍රිතාන්‍යය සමග එක්ව කටයුතු කිරීමට චීනය කැමැත්තෙන් සිටින බවයි. එමෙන්ම විවෘත සහයෝගීතාව යටතේ දෙරට අතර උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කරමින් ප්‍රායෝගික සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට මෙන්ම චීන-බ්‍රිතාන්‍ය සබඳතා ස්ථිර සංවර්ධනයේ නව අදියරකට ගෙන ඒමට අපේක්ෂා කරන බව ද හෙතෙම පැවසීය.
මේ අතර දෙරට අතර පවතින විවිධ ක්ෂේත්‍රවල සංවාද සහ සහයෝගීතා යාන්ත්‍රණ පූර්ණ ලෙස ප්‍රකෘතිමත් කිරීමට චීනය බලාපොරොත්තු වේ. වෙළඳ, මූල්‍ය, හරිත සංවර්ධන, විද්‍යා සහ තාක්‍ෂණ, සෞඛ්‍ය, අධ්‍යාපනය, සංස්කෘතිය ආදී ක්ෂේත්‍රවල අන්‍යෝන්‍ය වශයෙන් ඵලදායී සබඳතාවක් පවත්වා ගැනීමට චීනය සහාය වන බව Wang Yi මහතා පැවසීය.
මෙහිදී David Lammy මහතා කියාසිටියේ බ්‍රිතාන්‍ය රජය චීනය සමග පවත්නා සංවාද සහ සහයෝගීතා ශක්තිමත් කිරීමට වැඩි අවධානයක් යොමු කරන බවයි. එමෙන්ම දෙපාර්ශ්වයේම දිගුකාලීන අවශ්‍යතා වෙනුවෙන් වෙනස්කම් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ දී අන්‍යෝන්‍ය සහයෝගයෙන් යුතුව කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ද හෙතෙම වැඩිදුරටත් පවසා ඇත.