චීන-රුසියානු සබඳතාව එකිනෙකාගේ අවශ්‍යතාවලට අනුව අන්‍යෝන්‍ය ගරුත්වය මත පදනම් ව ස්ථාපිත වූවක් බව රුසියානු ජනපති පවසයි.
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා ඊයේ(18) මොස්කව් හිදී බ්‍රික්ස් රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජිතයන් හමුවීමේදී චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාවේ මාධ්‍යවේදීයෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මේ බව ප්‍රකාශ කළේය. චීනය හා රුසියාව සහයෝගීතා පැවැත්වීමේදී පොදු එකඟතාව පමණක් නොව එය සැබෑ ක්‍රියාවන් ලෙස සලකන බව හෙතෙම එහිදී සඳහන් කළේය. 16 වන බ්‍රික්ස් රටවල නායකයන්ගේ සමුළුව එළඹෙන 22 වනදා සිට 24 වනදා දක්වා රුසියාවේ Kazan නගරයේදී පැවැත්වීමට නියමිතය.
චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව, මෙවර රුසියානු ජනාධිපතිවරයා බ්‍රික්ස් රටවල ප්‍රධාන මාධ්‍ය ආයතන නියෝජිතයන් සමග පැවති හමුවට එක් වූ එකම චීන මාධ්‍ය ආයතනය වීම විශේෂත්වයකි.