බිඳ වැටුණු ව්‍යාපාර යළි බලගන්වන්න මහ බැංකුවෙන් උපදෙස්
2024-10-19 17:03:57
Share with:

බිඳවැටුණු ව්‍යාපාර යළි බලගැන්වීම සඳහා ගනුදෙනුකරුවන්ට සහාය වීමට සෑම බැංකුවකම යළිත් ව්‍යාපාර බලගැන්වීමේ ඒකක පිහිටුවන ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් ලබා දී තිබේ.

මීට පෙර ආරම්භ කර තිබූ ඒකක වඩාත් කාර්යක්ෂම සහ මහජන මිත්‍රශීලී සේවාවක් සපයන ඒකක ලෙස වැඩිදියුණු කිරීම නව ක්‍රමවේද යටතේ සිදු කෙරේ. ශ්‍රී ලංකා මහ බැංකුව අවස්ථා ගණනාවකදී සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කොට ඇත. එලෙස මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික අඩු කිරීමේ වාසිය ගනුදෙනුකරුවන්ට ලබා දීම බැංකුවල වගකීම වනු ඇත. ඒ අනුව දැනටමත් ව්‍යාපාර පහසු කිරීමට බැංකු අඩු පොලී අනුපාත යටතේ ණය ලබාදීම ආරම්භ කොට ඇති බව මහ බැංකුව පවසයි . 


ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම