චීනය ශාස්ත්‍රීය පර්යේෂණ තුළින් කැපීපෙනෙන ජයග්‍රහණ ලබා ගනු ඇත- ප්‍රකට පරිගණක විද්‍යාඥ Leslie Gabriel Valiant මහතා
2024-10-19 17:18:51
Share with:

චීනය ශාස්ත්‍රීය පර්යේෂණ කෙරෙහි ඇල්මක් දැක්වීම, ඉතා වැදගත් වන අතර ඒ තුළින් චීනය නිසැකවම කැපීපෙනෙන ජයග්‍රහණ ලබා ගනු ඇතැයි විශ්වාස කරන බව Turing සම්මානලාභී Leslie Gabriel Valiant මහතා පවසයි.

ඔහු මේ අදහස් පළකළේ පසුගියදා චීන මාධ්‍ය සමූහය සමග පැවැත්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

චීනය මේ වන විට ගණිතය, පරිගණක විද්‍යාව සහ මූලික විද්‍යාවන් ප්‍රවර්ධනය කරමින් සිටින අතර එය ප්‍රශංසනීය කාර්යයක් බව Valiant මහතා සඳහන් කළේය. චීනය මෙහිදී ඉතා විශිෂ්ට ජයග්‍රහණ ලබා ගැනීම කෙරෙහි  පූර්ණ විශ්වාසයක් තැබිය හැකි අතර චීන ජනතාව අධ්‍යයන කටයුතු හා ගණිතය ආදී විෂයන් කෙරෙහි දැඩි ඇල්මක් දැක්වීම තමා මුල සිටම අගය කළ බව ද හෙතෙම පවසා ඇත.

කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් පසුගිය වසර කිහිපය තුළ විශාල දියුණුවක් සාක්ෂාත් කර ගත් අතර එහිදී කැපී පෙනෙන අවස්ථාව වූයේ විවිධ භාෂා මාදිලි, එනම් ඉංග්‍රීසි හෝ චීන ආදී භාෂා අන්තර්ගත කිරීම මගින් අවසානයේ ඉතා පැහැදිලි භාෂාවක් ජනනය කිරීමේ හැකියාව බව Valiant මහතා පෙන්වා දුන්නේය.

ඔහු තවදුරටත් අවධාරණය කළේ, කෘත්‍රිම බුද්ධි තාක්ෂණයට ප්‍රබල හැකියාවක් හිමි නොවන බවත් මානවයන් ලෝකයේ ප්‍රධානත්වය පවත්වා ගත යුතු බවත් ය. එමෙන්ම Valiant මහතා මෙහිදී පැවසුවේ කෘත්‍රිම බුද්ධි තාක්ෂණය පිළිබඳ යම් මට්ට්මක දැනුමක් තිබේ නම්, සැබවින්ම එය එතරම් අද්භූත නොවන බව වටහා ගත හැකි වනු ඇති බවයි.

2024 ජාත්‍යන්තර මූලික විද්‍යා සමුළුව පසුගිය ජූලි 14වැනිදා සිට 26වැනිදා දක්වා බෙයිජිංහිදී පැවැත්විණ. එම සමුළුවට ලෝකයේ විවිධ රටවලින් ඉහළ මට්ටමේ විද්‍යාඥයෝ හා ශාස්ත්‍රඥයෝ 800කට වැඩි පිරිසක් සහභාගි වූහ. එම සමුළුවේ සමාරම්භක උත්සවයේදී හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය, ජාත්‍යන්තරව ප්‍රකට පරිගණක විද්‍යාඥ Leslie Gabriel Valiant මහතා ජීවිත කාලයට එක් වරක් පමණක් හිමි වන මූලික විද්‍යාව සඳහා වන ජයග්‍රාහී සම්මානය දිනා ගැනීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම