අරාබි රටවල් කිහිපයක එක්සත් ජාතීන්ගේ නියෝජිතවරු සහ එහි මහ ලේකම් ගාසා තීරයේ තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරති
2024-10-19 15:40:45
Share with:

එක්සත් ජාතීන්ගේ නිත්‍ය පලස්තීන නිරීක්ෂක Riyad Mansour මහතා සහ අරාබි රටවල් කිහිපයක එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරු ඊයේ(18) පස්වරුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් António Guterres මහතා හමු වූහ. සාගත තත්ත්වයක් ඇති කිරීමේ උපාය ඔස්සේ ගාසා තීරයේ උතුරු ප්‍රදේශය අවහිර කිරීමට ඊශ්‍රායලය උත්සාහය දැරීම පිළිබඳව ඔවුහු එහිදී වැඩි අවධානයක් යොමු ක‍ළහ. ගාසා තීරයේ උතුරු ‍ප්‍රදේශයේ පලස්තීනුවන් ලක්ෂ හතරක් ‘ජන සංහාරයකට’ ගොදුරුවීමේ අවදානමක් පවතින බව එම හමුවෙන් අනතුරුව පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී Riyad Mansour මහතා අනතුරු ඇඟවීමක් ද සිදු කර ඇත.

   ජුනි මාසයේ ආරක්ෂක මණ්ඩලය අනුමත කළ අංක 2735 දරන තීරණයට අනුව ගාසා තීරයේ කඩිනමින් පූර්ණ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස එම හමුවට එක්වූ අරාබි රටවල් 10ක නියෝජිතවරු, පලස්තීනයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම