නව සංවර්ධනයෙන් පිබිදුන ෆු චියෙන් පළාතේ චීන ජනපති සිදු කළ සංචාරය
2024-10-18 11:54:18
Share with:

 

අග්නිදිග චීනයේ ෆු චියෙන් පළාත සරු මුහුදු සම්පත් මෙන්ම ගොඩබිම්, ගුවන් හා නාවික ඇතුළු පූර්ණ ගමනාගමන පහසුකම්වලින් සමන්විත පළාතකි. ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය අනුව චීනයේ සියලු පළාත් අතරින් සිව්වන ස්ථානයේ පසුවන ෆු චියෙන් පළාත චීනයේ ඉහළම වන ආවරණයකින් යුත් පළාත ද වේ. ඉකුත් 15 හා 16 යන දෙදින තුළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා මෙම පළාතේ නිරීක්ෂණ චාරිකාවකට යළි එක් විය. ඒ , මීට වසර 3කට පෙර එනම් 2021 වසරේ මාර්තු මාසයේ ඔහු නිරත වූ ෆු චියෙන් පළාතේ නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව ය.

මෙවර නිරීක්ෂණ චාරිකාවේදී චීන ජනාධිපතිවරයා පළමුව චාං චෞ නගරයට ගියේ ය. එම නගරයේ ආඕ චියාඕ ගම්මානයේ සිදු වූ පරිවර්තනය චාං චෞ නගරය මෙන්ම ෆු චියෙන් පළාත ලද දැවැන්ත සංවර්ධනයේ කැඩපතක් ලෙස සැලකිය හැකි ය. 2001 වසරේ ෆු චියෙන් පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කළ ෂී ජින් පිං මහතා ආඕ චියාඕ ගම්මානයට පැමිණ තිබිණ. වසර 23කින් පසු මෙම ධීවර ගම්මානය ඩිජිටල් ආර්ථික ආකෘතියට හැඩ ගැසුණු නව සංවර්ධන මාවතකට ප්‍රවේශ වීමෙන් වැඩි සශ්‍රීකත්වයක් අත් කර ගෙන ඇත. සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනුවට යුගයට ගැළපෙන නව ක්‍රමවේද මගින් ධීවර කර්මාන්තය තවදුරටත් ප්‍රවර්ධනය කරන ලෙස ෂී ජින් පිං මහතා ගම්මාන වැසියන් දිරිමත් කර ඇත.

 ශියා මෙන් නගරය චීන ජනාධිපතිවරයාගේ දෙවන ගමනාන්තය විය. 2015 වසරේ අප්‍රේල් මාසයේ ශියා මෙන් නගරයේ  චීන නිදහස් වෙළඳාමේ නියමු කලාපය ස්ථාපිත කළ පසු නවෝත්පාදන වැඩසටහන් 600කට වැඩි සංඛ්‍යාවක් ක්‍රියාත්මක කර තිබේ. ෂී ජින් පිං මහතා ශියා මෙන් නියෝජ්‍ය නගරාධිපති ධූරය දැරූ කාලයේ එම නගරයේ ප්‍රතිසංස්කරණ හා නවෝත්පාදන වැඩසටහන් රැසකට නායකත්වය ලබාදී තිබිණ. මෙවර නිරීක්ෂණ චාරිකාවේදී ෂී ජින් පිං ජනාධිපතිවරයා සියැසින්ම ශියා මෙන් නගරයේ නව සංවර්ධන ප්‍රගතිය දුටුවේ ය. යුගයේ අවශ්‍යතාවන්ට අනුකූලව ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය තවදුරටත් ඉදිරියට‍ ගෙන යා යුතු බවත්, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව දැනට ක්‍රියාත්මක කටයුතු පුළුල්ව ඉදිරියට ගෙන යා යුතු බවත්, චීන ජනාධිපතිවරයා මෙවර ෆු චියෙන් චාරිකාවේදී ‍අවධාරණය කර ඇත.

 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම