චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා මෑතකදී චීන සම්පත් ප්‍රතිචක්‍රීකරණ සමූහය ස්ථාපිත කිරීම පිළිබඳව වැදගත් උපදෙස් ලබා දුන්නේය.
චීන සම්පත් ප්‍රතිචක්‍රීකරණ සමූහය ‘නව සංවර්ධන සංකල්පය’පූර්ණ හා නිවැරදිව අනුගමනය කළ යුතු අතර, පිරිමැසුම් ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරමින්, සම්පත් ප්‍රතිචක්‍රීකරණය කිරීම හා භාවිත කිරීම, අපද්‍රව්‍ය, වටිනාකමින් යුත් සම්පත් බවට පත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දිය යුතුය. ඒ අතරතුර නවෝත්පාදනය, විවෘතභාවය හා සහයෝගීතාව පවත්වා ගනිමින් සම්පත් ප්‍රතිචක්‍රීකරණ කිරීමේ විධිමත් වැඩපිළිවෙලක් සහතික කිරීමට එම සමූහය වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇත. ජාතික මට්ටමේ සම්පත් ප්‍රතිචක්‍රීකරණය සඳහා වන ක්‍රියාකාරී වේදිකාවක් ලෙස ක්‍රියා කරමින් ජාතික ආර්ථිකයේ ප්‍රතිචක්‍රීකරණ ගුණාත්මකභාවය හා එහි මට්ටම අඛණ්ඩව ඉහළ නැංවීමට ද එම සමූහය පියවර ගත යුතුය.එමගින් චීන මාදිලියේ නවීකරණයෙන් ශක්තිමත් රටක් ගොඩනැගීම හා ජාතික පුනර්ජීවනය සඳහා සක්‍රිය දායකත්වයක් ලබා දීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කරන බව ද ෂී ජින් පිං මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර ඇත.