චීන- බ්‍රසීල සහයෝගතා පුළුල් කිරීමේ වැදගත්කම චීන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි
2024-10-18 10:09:37
Share with:

චීන- බ්‍රසීල සහයෝගතා පුළුල් කිරීමේ වැදගත්කම චීන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙයි. බ්‍රසීල ජනාධිපතිවරයා ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රුයි කොස්ටා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස ඊයේ (17) බෙයිජිංහිදී හමුවූ අවස්ථාවේදී හෙතෙම මේ බව සඳහන් කළේය.

චීනය හා බ්‍රසීලය නැගෙනහිර හා බටහිර අර්ධ ‍ගෝලයේ විශාලතම සංවර්ධනය වෙමින් පවතින රටවල් වන අතර ඉහළ  අනුපූරක ආර්ථිකයන් මෙන්ම සංවර්ධන උපාය මාර්ගයන් හා පාලන සංකල්ප ද ‍ බෙදා ගන්නා පාර්ශ්වයන් බව චීන විදේශ ඇමතිවරයා පැවසීය. නව තත්ත්වයන් යටතේ චීනය හා බ්‍රසීලය අතර පවතින සියලු ආකාරයේ උපායමාර්ගික සහයෝගතා දිගු කාලීන වශයෙන් සහ දෙරටේ ජනතාවගේ කේන්ද්‍රීය  ප්‍රතිලාභයන්ට  පමණක් සීමා නොවන අතර ‍ගෝලීය දකු‍ණේ රටවල එක්සත් බව හා සම්බන්ධීකරණයට ද මනා නිදසුනකි. බ්‍රසීලය සමග සබඳතාවන්ට චීනය ඉහළ වැදගත්කමක් ලබා දෙයි.දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ 50 වන සංවත්සරය අවස්ථාවක් ලෙසට ගෙන ඉහළ පෙලේ හුවමාරු වර්ධනය, ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීම, උපාය මාර්ගික හවුල්කාරීත්ව වර්ධනය හා පොදු අනාගතයක් සහිත ප්‍රජාවක් ඒකාබද්ධව ගොඩ නැංවීම වෙනුවෙන් බ්‍රසීලය සමග ක්‍රියා කිරීමට චීනය සූදානම් බව ද චීන විදේශ ඇමතිවරයා කීය.

බ්‍රසීල ජනාධිපතිවරයා ගේ කාර්ය මණ්ඩල ප්‍රධානී රුයි කොස්ටා මහතා ප්‍රමුඛ නියෝජිත පිරිස එහිදී පැවසුවේ ආර්ථික,වෙළඳාම,මූල්‍ය, යටිතල පහසුකම්,හරිත පරිවර්තනය,ප්‍රති කාර්මීකරණය සහ විද්‍යාත්මක හා තාක්ෂණ නව නිපැයුම් වැනි ක්ෂේත්‍රවල සහයෝගතා තවදුරටත් වර්ධනයට බ්‍රසීලය අපේක්ෂා කරන බවයි.දෙපාර්ශ්වය ‍ගෝලීය පාලනයට සම්බන්ධ කරුණු කෙරෙහි ද ගැඹුරින් අවධානය යොමු කළහ.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම