ගාසා තීරයේ ජනතාව සාගතයකට මුහුණදීමේ අවදානමක්
2024-10-18 11:51:47
Share with:

ලෝක ආහාර වැඩසටහන හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය ඊයේ(17) "ආහාර සුරක්ෂිතතාවයේ අදියරයන් පිළිබඳ පුළුල් වර්ගීකරණය" හෙවත් IPC වාර්තාව නිකුත් කළේ ය.

එම වාර්තාවට අනුව, අවතැන් වූවන් විශාල පිරිසක් සහ මානුෂීය ආධාර සීමා වීම හේතුවෙන්, යුද්ධ‍යට මැදිවී සිටින ගාසා තීරයේ ජනතාව දැඩි කුසගින්නෙන් පෙළෙන අතර, ගාසා තීරය පුරා සාගතයක් ඇතිවීමේ අවදානමක් පවතී.

එක්සත් ජාතීන්ගේ මහලේකම් António Guterres මහතා මෙම වාර්තාවේ ප්‍රතිඵල  පිළිබඳ කම්පනයට පත්ව සිටින අතර, "මෙය දරාගත නොහැකි" තත්ත්වයක් බව පැවසීය. එක්සත් ජාතීන්ගේ ආයතනවලට ගාසා තීරයේ ජනතාවට මානුෂීය ආධාර ලබා දීමට , දේශසීමා හරස් මාර්ග විවෘත කරන ලෙස‍ට ද ඔහු ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටියේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම