මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනපති පවසයි
2024-10-18 17:59:29
Share with:
මාර්ග සංවර්ධන ව්‍යාපෘති විධිමත් සහ කාර්යක්ෂම කිරීම ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. දුම්රිය සේවකයින්ගේ සහ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු වන අන්දමින් දුම්රිය මාර්ග ව්‍යාපෘති කඩිනම් කරන ලෙස ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ ය. ඒ ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමිනි.
එමෙන්ම වරාය, ගුවන්තොටුපොළ, මහාමාර්ග සංවර්ධන කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථිකය වර්ධනය කිරීමේ දී ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම ව්‍යාපෘති විධිමත්ව සැලසුම් කිරීමෙන් ජාතික ආර්ථිකය නඟා සිටු විය හැකි බව ද ප්‍රකාශ කර ඇත.