මහමැතිවරණ ප්‍රචාරක වියදම් සීමා නිකුත් කෙරේ
2024-10-18 18:01:23
Share with:

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළව ප්‍රචාරක කටයුතු සඳහා එක් අපේක්ෂකයෙකුට සහ පක්ෂයකට වියදම් කළ හැකි මුදල සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මැතිවරණ කොමිසම මගින් නිකුත් කර තිබේ.

2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනතේ 3 වැනි වගන්තිය ප්‍රකාරව මැතිවරණ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් වැය කළ හැකි වියදම් සීමාව මැතිවරණ කොමිසම මෙලෙස තීරණය කර ඇත.

එම ගැසට් නිවේදනයේ වියදම් සීමාවට අනුව එක් අපේක්ෂකයෙකුට එක් ඡන්ද දායකයෙකු වෙනුවෙන් උපරිමය රුපියල් 114ක් වියදම් කළ හැකි අතර ඒ කොළඹ දිස්ත්‍රික්කයට අදාළව ය. අවමය රුපියල් 82ක් වන අතර එය වන්නි දිස්ත්‍රික්කයට අදාළ වේ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම