හමාස් සංවිධානයේ නායකයා වන Yahya Sinwar ගාසා තීරයේදී ඝාතනය කළ බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව (IDF) සහ ඊශ්‍රායල ආරක්ෂක ඒජන්සිය (ISA) ඒකාබද්ධව තහවුරු කර ඇත. දකුණු ගාසා තීරය ආශ්‍රිතව බදාදා දිනයේ ඊශ්‍රායල හමුදා සිදු කළ මෙහෙයුමකදී හමාස් නායකයා මෙලෙස ඝාතනය වී තිබේ. මෙම මෙහෙයුමේදී තම හමුදා සාමාජිකයින් විසින් සටන්කාමීන් තිදෙනෙකු මරා දැමූ බවත්, පසුව ඔවුන්ගෙන් එක් අයෙකු හමාස් නායක Sinwar බව හඳුනා ගත් බවත්, ඊශ්‍රායල ආරක්ශක අංශ නිවේදනය කර ඇත.
ඉකුත් වසරේ ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයේ මහ මොළකරු ලෙස සැළකෙන්නේ ද Yahya Sinwar වේ. ඊශ්‍රායල ආරක්ශක අංශ මෙම ඝාතනය තහවුරු කිරීමට පෙර ඊශ්‍රායල විදේශ අමාත්‍ය Israel Katz විසින් Sinwar ගේ මරණය තහවුරු කරමින් කියා සිටියේ "මෙය ඊශ්‍රායලය ලැබූ විශාල මිලිටරි හා සදාචාරාත්මක ජයග්‍රහණයක්" බවයි.