මෙම වසරේ මුල් කාර්තු තුන තුළ චීන දළ දේශීය නිෂ්පාදිත වර්ධනය සියයට 4.8ක්
2024-10-18 15:49:33
Share with:

මෙම වසරේ මුල් කාර්තු තුන තුළ චීන දළ දේශීය නිෂ්පාදිත වටිනාකම සියයට 4.8ක වර්ධනයක් පෙන්නුම් කරයි.

චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය අද (18) නිකුත් කළ දත්තයන්ට අනුව ජනවාරි සි‍ට සැප්තැම්බර් මාසය දක්වා කාලය තුළ  චීන දළ දේශීය නිෂ්පාදිතයේ වටිනාකම යුවාන් ‍ට්‍රිලියන 94.97කට ළඟාවී තිබේ. 

තුන්වන කාර්තුවේ දී ආර්ථිකය වසරින් වසරට සියයට 4.6කින් වර්ධනය වී තිබේ.කාර්තුමය වර්ධනය පදනම්ව එය සියයට‍ 0.9ක ඉහළ යාමකි. සංකීර්ණ බාහිර පරිසරය හා දේශීය වශයෙන් වර්ධනය වන අභියෝග මධ්‍යයේ චීන ආර්ථිකය පොදුවේ ස්ථාවර ප්‍රගතියක් පෙන්නුම් කර ඇතැයි චීන ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නියෝජ්‍ය ප්‍රධානී ෂෙන්ග් ලයියුන් මහතා සඳහන් කරයි. වසරේ ආර්ථීක හා සමාජ සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට සක්‍රීය ප්‍රතිපත්තිමය පියවර ගනු ඇති බවද හෙතෙම කියා සිටී.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම