අගමැතිනිය සහ විශ්වවිද්‍යාල සිසුන් අතර සාකච්ඡාවක්
2024-10-18 18:00:25
Share with:

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය හා ශිෂ්‍ය සංගම් අතර ඊයේ (17) සාකච්ඡාවක් පැවැත්විණ. එහිදී විශ්වවිද්‍යාල සිසුන්ගේ අධ්‍යයන කටයුතු සහ ශිෂ්‍ය සුබසාධනය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරියගේ අවධානය යොමුව තිබේ. එමෙන්ම විශ්වවිද්‍යාල සිසුන්ගේ මෙතෙක් නොවිසඳුණ ගැටලු රාශියක් පිළිබඳව ද ශිෂ්‍ය සංගම් නියෝජිතයන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ඇතුළු විවිධ ශිෂ්‍ය සංගම් ගණනාවක නියෝජිතයෝ සහභාගී වූහ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම