ශැන්හයි සහයෝගිතා සංවිධානය සාමාජික රටවල සංවර්ධනය, පුනර්ජීවනය සහ ජනතා සුබසාධනය සඳහා විශ්වසනීය පදනමක් ගොඩනගන බව චීනය පවසයි.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද(17) පැවති මාධ්‍ය හමුවේදී මේ බව ප්‍රකාශ කළාය. ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කමිටුවේ 23 වන රැස්වීම පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දී පැවැත්විණ. එම රැස්වීම සහ එහි ජයග්‍රහණ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට ඇය පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළාය.
මෙවර රැස්වීමේදී ඒ ඒ රටවල නායකයන් නව යුගයේ ශැන්හයි සහයෝගිතා සංවිධානය සමග මානුෂීය ක්ෂේත්‍රයේ සහයෝගිතාවන්හි ඉදිරිදැක්ම හා පියවර ආදී කරුණු පිළිබඳව පුළුල් ලෙස සාකච්ඡා කරමින් වැදගත් එකඟතාවන්ට එළඹ තිබේ. එම සංවිධානය ශක්තිමත් කිරීම සහ කලාපීය සාමය හා ස්ථාවරත්වය තහවුරු කිරීමට චීනය ලබා දුන් වැදගත් දායකත්වයන් එම රැස්වීමට එක්වූ නායකයන්ගේ ඇගයීමට ලක්වූ බව Mao Ning මහත්මිය පැවසුවාය. ශැන්හයි සහයෝගිතා සංවිධානයේ චීනයේ වාරික සභාපතිත්වයට සහාය දෙමින් ආරක්ෂක, වෙළඳ, ආයෝජන, මුල්‍ය, මානව හුවමාරු යන ක්ෂේත්‍රවල සහයෝගිතා අඛණ්ඩව ශක්තිමත් කරනු ඇතැයි ද එම නායකයෝ කියා සිටියහ. ශැන්හයි සහයෝගිතා සංවිධානය සාමාජික රටවල සංවර්ධනය, පුනර්ජීවනය සහ ජනතා සුබසාධනය සඳහා විශ්වසනීය පදනමක් ගොඩනගනු ඇතැයිද ඔවුන් ප්‍රකාශ කළ බව Mao Ning මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.