යුරෝපා රටවල් 16ක් ඊශ්‍රායලයට දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික පීඩනයක් එල්ල කිරීමට එකඟ වෙයි
2024-10-17 09:29:53
Share with:

ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකායට හමුදා දායකත්වය සපයන යුරෝපා රටවල් 16ක් එම බලකායට සම්බන්ධ සිද්ධීන් ගෙන් වැළකී සිටින ලෙසට ඊශ්‍රායලයට දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික පීඩනයක් එල්ල කිරීමට එකඟ වෙයි.

ඉතාලි හා ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති වීඩියෝ සංවාදයකදී මෙම තීරණයට එළඹිණ. එම විඩියෝ සංවාදය සඳහා ජර්මනිය, අයර්ලන්තය, ස්පාඥ්ඥය, ඔස්ට්‍රියාව සහ ග්‍රීසිය ඇතුළු සාමාජික රටවල් එක්විය. ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකා කඳවුරුවලට එල්ලවූ ප්‍රහාර එම රටවල් විසින් සාමූහිකව හෙළා දැක තිබේ. රටවල් 48ක හමුදා සාමාජිකයන් දස දහසකට අධික සංඛ්‍යාවක ගේ ජිවිත සුරක්ෂිතභාවයට ඉන් තර්ජන එල්ල වී තිබේ. එවැනි සිද්ධීන් වැළැක්වීමේ පියවර ගන්නා ලෙසට අදාළ රටවල් ඊශ්‍රායලයට බලකර සිටී.

ඉතාලි ආරක්ෂක අමාත්‍යවරයා රැස්වීම අවසානයේ නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ උපරිම දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික පීඩනයක් ඊශ්‍රායලය වෙත එල්ල කිරීමට එකඟවී ඇති බවයි. ඒ අතරම හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර් බලකාය පලිහක් ලෙසට යොදා නොගත යුතු බවද එම නිවේදනයෙන් අවධරණය කර ඇත.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම