චීන ජනාධිපති ෂී ජින් පිං මහතා චීන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සිසු නවෝත්පාදන තරඟයට සහභාගි වූ සිසුන්ගේ නියෝජිතවරුන් වෙත පිළිතුරු ලිපියක් යොමු කරමින් ඔවුන්ට සිය හෘදයාංගම දිරිගැන්වීම් හා අපේක්ෂාවන් ඉදිරිපත් කළේය.
චීනය හා විදේශ රටවල් අතර විද්‍යා හා තාක්ෂණ හුවමාරුව සහ එහි දියුණුව ප්‍රවර්ධනය සඳහා විද්‍යාත්මක ජීවගුණය ප්‍රචාරය කරමින් විද්‍යා හා තාක්ෂණික නවෝත්පාදනයට සක්‍රියව එකතු කිරීමට බලාපොරොත්තු වන බව ෂී ජින් පිං මහතා සිය ලිපියෙන් සඳහන් කළේය. සමස්ත සමාජය යෞවනයන්ගේ සංවර්ධනය සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු අතර නවෝත්පාදන හා ව්‍යාපාර ආරම්භ කිරීම සඳහා මනා වාතාවරණයක් නිර්මාණය කළ යුතු බව ද හෙතෙම එහිදී පෙන්වා දී තිබේ.
චීන හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සිසු නවෝත්පාදන හා ව්‍යාපාර සහ හුවමාරු හා සහයෝගිතා සඳහා වේදිකාවක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙවර චීන ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සිසු නවෝත්පාදන තරඟයට රටවල් හා ප්‍රදේශ 153කින් කෝටි 2කට අධික සිසු පිරිසක් සහභාගි වූහ. එම සිසු නියෝජිතවරු 25 දෙනෙක් මෙවර තරඟයට සහභාගි වීම පිළිබඳ සිය අත්දැකීම් සම්බන්ධයෙන් ෂී ජින් පිං මහතා වෙත ලිපියක් යොමු කරමින් වාර්තා කළහ. නවෝත්පාදනයට සක්‍රියව එක්වී යුගයේ වගකීම් භාර ගැනීමට ඔවුන්ගේ අධිෂ්ඨානය ඔවුන් එම ලිපියෙන් ප්‍රකාශ කර තිබේ.