චීන තායිවාන ප්‍රදේශයට අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙස චීනය ඉන්දියාවෙන් ඉල්ලා සිටී.
චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය මේ බව ප්‍රකාශ කළේ අද(17) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය.
ඉන්දියාවේ මුම්බායි හි ස්ථාපිත නව කාර්යාලයක් නිල වශයෙන් භාවිතයට ගන්නා බව තායිවාන පාර්ශ්වය ප්‍රකාශ කළ බව මාධ්‍යවේදියෙක් එහිදී විමසා සිටියේ ය.
චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනගා ඇති සියලු රටවල් තායිවාන ප්‍රදේශය සමග කිසිදු ආකාරයක නිල සම්බන්ධතාවක් හා හුවමාරුවක් පැවැත්වීම පිළිබඳව දැඩි ලෙස විරුද්ධ වන බව ප්‍රකාශිකාව පැවසුවාය. එම කාර්යාලය ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් චීනය ඉන්දියාවට නිල වශයෙන් ද විරෝධතා පළ කර ඇත.
එකම චීනය මූලධර්මය පිළිපැදීම ඉන්දියාව සිදු කළ දැඩි දේශපාලන පොරොන්දුවක් වන අතර එය චීන-ඉන්දීය සම්බන්ධතාවයේ දේශපාලන පදනමය. සිය පොරොන්දුව නිසි ලෙස ඉටු කරමින් තායිවාන ප්‍රදේශයට අදාළ ප්‍රශ්න සම්බන්ධයෙන් සුපරීක්ෂාකාරීව කටයුතු කරන ලෙසත් තායිවාන ප්‍රදේශය සමග කිසිදු ආකාරයේ නිල සබඳතාවක් නොපවත්වන ලෙසත් චීනය ඉන්දියාවෙන් ඉල්ලා සිටී. එසේම දෙරට අතර සම්බන්ධතාවය යහපත් කරලීමේ ක්‍රියාදාමයට බාධාවන් ඇති නොකළ යුතු බව ද මාඕ නිං මහත්මිය වැඩිදුරටත් සඳහන් කර ඇත.