Diaoyu දූපත් ආශ්‍රිත චීන මුහුදු සීමාවට නීති විරෝධී ලෙස ඇතුළු වූ ජපාන යාත්‍රාවක් පලවා හැරීමට චීන වෙරළාරක්ෂක බලකාය පියවර ගනී
2024-10-17 13:52:43
Share with:

නැගෙනහිර චීන මුහුදු කලාපයට අයත් Diaoyu දූපත් මුහුදු කලාපය වෙත අනවසරයෙන් ඇතුළු වූ ජපන් ධීවර යාත්‍රාවක් පලවා හැරි බව චීන වෙරළාරක්ෂක බලකාය ප්‍රකාශ කළේය.

අදාළ යාත්‍රාව අඟහරුවාදා සහ බදාදා යන දිනවලදී Diaoyu දූපත් මුහුදු කලාපය වෙත අනවසරයෙන් ඇතුළු වූ බවත්, එහිදී චීන වෙරළාරක්ෂක බලකා නිලධාරීන් අවශ්‍ය පාලන ක්‍රම ක්‍රියාත්මක කරමින් එම යාත්‍රාව හරවා යැවීමට අනතුරු ඇඟවීම් නිකුත් කළ බවත් චීන වෙරළාරක්ෂක බලකා හි ප්‍රකාශක Liu Dejun මහතා පැවසීය.

Diaoyu දූපත් සහ ඊට අනුබද්ධ දූපත් චීනයට අයත් භූමි ප්‍රදේශ ලෙස පවතින බැවින්, ඒ ආශ්‍රිත මුහුදු කලාපයේ සියලු නීති විරෝධී ක්‍රියාකාරකම් නතර කරන ලෙස චීන වෙරළාරක්ෂක බලකා‍ය ජපාන පාර්ශ්වයෙන් ඉල්ලා සිටියේය.

එමෙන්ම චීන භූමියෙහි ජාතික ස්වෛරීභාවය, ආරක්ෂාව සහ සමුද්‍රීය අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කිරීම සඳහා නීතියට අනුකූලව චීනයේ අධිකරණ බලය යටතේ ඇති සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් අඛණ්ඩව සිදු කරන බවටද මෙහිදී චීන වෙරළාරක්ෂක බලකා‍ය ප්‍රතිඥා දුන්නේය. 

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම