කෘෂිකර්මාන්තය සඳහා දිගුකාලීන ජාතික වැඩසටහනක අවශ්‍යතාව ජනපති අවධාරණය කරයි
2024-10-17 14:46:59
Share with:
අක්‍රමවත්ව පවතින මෙරට කෘෂිකර්මාන්තය සංවිධිත තත්ත්වයකට ගෙන ඒමට දිගුකාලීන ඒකාබද්ධ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යංශයන්හි ප්‍රගති සමාලෝචනයට එක්වෙමිනි.
එම අමාත්‍යංශවල දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර තිබේ. ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ග්‍රාමීය දිළිඳුකම පිටුදැකීම බව ජනාධිපතිවරයා එහිදි වැඩිදුරටත් සඳහන් කර ඇත.