ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් වඩා සැලකිල්ලෙන් කටයුතු කරන්නැයි චීනය ජපානයෙන් ඉල්ලා සිටී
2024-10-17 16:09:32
Share with:

යාසුකුනි යුධ ස්මාරකය වැනි ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීම සහ යම් හැසිරීම්වලදී වඩා සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටී.

ජපාන අග්‍රාමාත්‍ය Shigeru Ishiba අද (17) යාසුකුනි යුධ ස්මාරකය වෙත පුද පූජා සිදු කර ඇත. මේ පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (17) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූවා ය.

යාසුකුනි යුධ ස්මාරකය විදේශ රටවලට එරෙහි ජපන් මිලිටරිවාදයේ සහ ආක්‍රමණශීලී යුද්ධයේ ආධ්‍යාත්මික මෙවලම සහ සංකේතය බවත්, ආක්‍රමණශීලී යුද්ධයට සම්පූර්ණයෙන් වගකිව යුතු A ශ්‍රේණියේ යුද අපරාධකරුවන් 14 දෙනෙකුගේ නාම පුවරු එහි තැන්පත් කර ඇති බවත් Mao Ning මහත්මිය පැවසුවාය.

සිය ආක්‍රමණශීලී ඉතිහාසය පිළිබඳව නිවැරදිව සලකා යාසුකුනි යුධ ස්මාරකය වැනි ඓතිහාසික කරුණු සම්බන්ධ හැසිරීම්වලදී ප්‍රවේසමෙන් කටයුතු කරන ලෙස චීනය ජපානයෙන් ඉල්ලා සිටියි. මිලිටරිවාදයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් ව සාමකාමී සංවර්ධන මාවතට අනුගත වන ලෙසත්, ප්‍රායෝගික ක්‍රියාමාර්ගවලින් ආසියානු අසල්වැසි රටවල්වල සහ ජාත්‍යන්තර ප්‍රජාවේ විශ්වාසය දිනා ගන්නා ලෙසත් චීනය ජපානයෙන් ඉල්ලා සිටින බව ද ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම