2024 මුල් මාස 08 තුළ දී රාජ්ය ආදායම 40.5% කින් ඉහළ ගොස් ඇති බව මුදල් අමාත්යංශය පවසයි. 2024 පූර්ව මැතිවරණ අයවැය තත්ත්ව වාර්තාව ප්රකාශයට පත් කරමින් මුදල් අමාත්යංශය මේ බව සඳහන් කර සිටී. ඒ අනුව 2024 ජනවාරි - අගෝස්තු කාලය තුළ බදු ආදායම් සහ බදු නොවන ආදායම් ද ඇතුළුව රජයේ සමස්ත ආදායම රු. බිලියන 2,557.79 ක් ලෙස වර්ධනය වී ඇත.
මෙම වකවානුව තුළ සමස්ත බදු ආදායම රු. බිලියන 2,348 ක් ලෙසත්, ඉන් රු. බිලියන 624 ක් ආදායම් බදු ලෙසත්, රු. බිලියන 1,421 ක් භාණ්ඩ හා සේවා මත අය කර ලැබූ බදු ලෙසත් දැක්වේ.
මෙහි ඇති විශේෂත්වය නම් භාණ්ඩ හා සේවා මත අයකෙරෙන බදු තුළ අන්තර්ගත ප්රධාන සංරචකයක් වූ VAT බදු ආදායම 87.2%කින් වැඩි වී තිබීමයි. බදු නොවන ආදායම 31.7% කින් ඉහළ ගොස් තිබීම ද විශේෂත්වයකි.