2024 යුනෙස්කෝ සංවිධානයේ බාලිකා හා කාන්තා අධ්‍යාපන සම්මාන ප්‍රදානෝත්සවයට චීන ජනපති ආර්යාව ගෙන් සුබ පැතුම්
2024-10-17 10:42:37
Share with:

2024 යුනෙස්කෝ සංවිධානයේ බාලිකා හා කාන්තා අධ්‍යාපන සම්මාන ප්‍රදානෝත්සවයට චීන ජනාධිපති ආර්යා පෙං ලි යුවන් මහත්මිය සුබ පතයි. එම සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (16) ප්‍රංශයේ පැරිස් නුවරදී පැවැත්විණ. යුනෙස්කෝ සංවිධානයේ බාලිකා හා කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ දූතිකා , චීන ජනාධිපති ආර්යා පෙං ලි යුවන් මහත්මිය එම අවස්ථාව වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් යොමු කර ඇත.

  ගැහැනු ළමුන් හා කාන්තාවන්ගේ අධ්‍යාපනය පවුල්වල අභිවෘද්ධිය හා ලෝකයේ අනාගතයට දැඩි ලෙස බලපාන බව ඇය එම පණිවිඩයෙන් කියා සිටී. නව යුගයේ කාන්තා අධ්‍යාපනය හා සංවර්ධනය වෙනුවෙන් විශේෂයෙන් ඔවුන්ගේ විද්‍යා, සෞඛ්‍ය හා ඩිජිටල් අධ්‍යාපනය නගාසිටුවීම වෙනුවෙන් වැඩි දායකත්වයක් ලබා දෙන ලෙස ඇය විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කරයි. යුනෙස්කෝ සංවිධානයේ බාලිකා හා කාන්තා අධ්‍යාපනය ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ දූතිකාව වශයෙන් සියලු දෙනා සමග එක්ව පිරිමි කාන්තා සමානත්මතාවය හා ගෝලීය කාන්තා ව්‍යායාමය ප්‍රවර්ධනය ‍සඳහා අඛණ්ඩව  ක්‍රියාකරන බව චීන ජනාධිපති ආර්යාව වැඩිදුරටත් සඳහන් කර ඇත.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම