චීන අග්‍රාමාත්‍යවරයා රුසියානු අග්‍රාමාත්‍යවරයා හමුවෙයි
2024-10-16 17:34:23
Share with:

චීන අග්‍රාමාත්‍ය Li Qiang මහතා අද(16) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දී රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin මහතා හමුවිය. ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කමිටුවේ 23 වන රැස්වීමට සමගාමීව එම හමුව පැවැත්විණ. 

රුසියාව සමග දෙරටේ නායකයන්ගේ වැදගත් එකඟතාවන් තවදුරටත් ක්‍රියාත්මක කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව Li Qiang මහතා එහිදී ප්‍රකාශ කළේය. දෙරටේ සංවර්ධනය හා පුනර්ජීවනය මෙන්ම ලෝක සමෘද්ධිය හා ස්ථාවරත්වය ප්‍රවර්ධනය සඳහා, රුසියාව සමග උපායමාර්ගික සම්බන්ධීකරණය තහවුරු කරමින් වෙළඳාම, බලශක්ති සම්පත්, නිෂ්පාදන කර්මාන්තය, ඩිජිටල් ආර්ථීකය යන ක්ෂේත්‍රවල සහයෝගිතා පුළුල් කිරීමට චීනය අපේක්ෂා කරන බවද හෙතෙම සඳහන් කළේය. 

ඊට අමතරව, චීන-රුසියානු- මොංගෝලියානු අගමැතිවරුන්ගේ හමුව පැවති අතර ඊට Li Qiang මහතා සහ රුසියානු අග්‍රාමාත්‍ය Mikhail Mishustin, මොංගෝලියානු අග්‍රාමාත්‍ය Oyun-Erdene Luvsannamsrai යන මහත්වරු සහභාගී වූහ. ත්‍රයිපාර්ශ්වික සහයෝගිතා මධ්‍ය කාලීන මාර්ගෝපදේශය ක්‍රියාත්මක කිරීමෙහි නියැළී සිටීමට චීනය අපේක්ෂා කරන බව එහිදී ප්‍රකාශ කෙරිණ. චීන -රුසියානු- මොංගෝලියානු ආර්ථික කොරිඩෝව ඇතුළු වැදගත් ව්‍යාපෘතිවලට අවධානය යොමු කරන චීනය බහුපාර්ශ්වික සහයෝගිතා තහවුරු කරමින් නව යුගයේදී ත්‍රයිපාර්ශ්වික සහයෝගිතාවේ නව පරිච්ඡේදයක් නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බව ද චීන අග්‍රාමාත්‍යවරයා එහිදී පවසා ඇත. 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම