චීන-මොංගෝලියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 75 වැනි සංවත්සරයට දෙරට ජනපතිවරුන්ගෙන් සුබ පැතුම්
2024-10-16 11:30:05
Share with:

චීනය සහ මොංගෝලියාව අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ 75 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරට ජනාධිපතිවරු සුබ පැතුම් පිරිනමති.

චීන ජනාධිපති ෂී ජින්පිං සහ මොංගෝලියානු ජනාධිපති Ukhnaagiin Khurelsuh යන මහත්වරු අද(16) සුබ පැතුම් පණි‍විඩ අන්‍යෝන්‍ය වශයෙන් හුවමාරු කර ගත්හ.

ෂී ජින්පිං මහතා එහිදී පෙන්වා දුන්නේ දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව පිහිටුවා ගතවූ වසර 75 තුළ, සුහදශීලී අයුරින් සබඳතා පවත්වා ගැනීම වෙනුවෙන් අඛණ්ඩ ව පෙනී සිටි බවයි. විවිධ ක්ෂ්‍රේ සඳහා අන්‍යෝන්‍ය ප්‍රතිලාභදායී සහයෝගිතා තවදුරටත් පුළුල් කිරීමෙන් දෙරටේ ජනතාව වෙත සාධනීය සුබසෙත ලබා දී ඇත. දෙරට සබඳතාව ඉහළින් කොට සලකන තමා, Ukhnaagiin Khurelsuh මහතා සමග එක්ව ‍පොදු ඉරණම සහිත ප්‍රජාවක් ගොඩනැංවීම යටතේ චීන-මොංගෝලියානු පූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් ඉහළ මට්ටමකට රැගෙන යාමට කැමැත්තෙන් සිටින බව ද ෂී ජින්පිං මහතා සඳහන් කළේය.

Ukhnaagiin Khurelsuh මහතා පැවසුවේ ෂී ජින්පිං මහතා සමග එක්ව තම රටේ ‘තණබිම මාවත’ යන සංවර්ධන උපායමාර්ගය හා ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ ගොඩනැංවීම සම්බන්ධ කර ගෙන දෙරටේ සංවර්ධනයටත් ජනතාවගේ සුබසෙත සඳහාත් පිටුබලයක් වීමට සූදානම් බවයි.

මේ අතර, එදිනම, චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා හා මොංගෝලියානු අග්‍රාමාත්‍ය Luvsannamsrai Oyun-Erdene මහතා සුබ පැතුම් පණි‍විඩ හුවමාරු කර ගත්හ.

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම