නවීකරණය ගොඩනැගීමේදී ෆූජියෑන් පළාත මුල්පෙළේ සිටින බව චීන ජනාධිපතිවරයා පවසයි
2024-10-16 20:53:40
Share with:

ෆූජියෑන් පළාත සිය ඉලක්කයන් ලිහිල් නොකර රටේ නවීකරණය ගොඩනැගීමේදී ස්ථිරව මුල්පෙළේ සිටිය යුතු බව චීන ජනාධිපති ෂී ජින්පිං මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා මෑතකදී ෆූජියෑන් පළාතේ නිරීක්ෂණයකට එක්වෙමින් මේ බව ප්‍රකාශ කළේය. 

ෆූජියෑන් පළාත, චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි ජාතික කොංග්‍රසයේ හා චීන කොමියුනිස්ට් පක්ෂයේ 20 වැනි මධ්‍යම කාරක සභාවේ තුන්වැනි පූර්ණ සැසියේ ජීවගුණයට අනුව නව සංවර්ධන සංකල්පය අංග සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කළ යුතු  බව ඔහු පෙන්වා දෙයි. විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනය ස්ථාවර ව ඉදිරියට ගෙන යන අතර,  ක්‍රම හා යාන්ත්‍රණ නම්‍යශීලී ව යොදා ගනිමින් කර්මාන්ත ව්‍යුහය යහපත් කිරීම, ජනතාව පොහොසත් කිරීම හා ජෛව පරිසරය සුන්දර කිරීම ඇතුළු ඉලක්කයන් සඳහා උත්සාහ දැරිය යුතුය. නවීන ආර්ථික ක්‍රමවේදයක් ගොඩනැගීමේදී වැඩි ප්‍රගතීන් දිනා ගැනීමටත් රටේ නව සංවර්ධන ව්‍යුහයට සේවා ලබාදීමේදී වැඩි ක්‍රියාශීලිත්වය දැක්වීමටත්,  තායිවාන සමුද්‍ර සන්ධි දෙපස ඒකාබද්ධව සංවර්ධනය කිරීමේ මාර්ග ගවේෂණයේදී එඩිතරව පියවර තැබීමටත්  ඔහු ෆූජියෑන් පළාත දිරිමත් කර ඇත.

ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු ජන ජීවිතය සාක්ෂාත් කර ගැනීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරේ. පූර්ණ ප්‍රතිසංස්කරණ හා ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු සංවර්ධනය ප්‍රවර්ධනය කරමින් චීන මාදිලියේ නවීකරණය ගොඩනැගීමේදී ෆූජියෑන් පළාත මුල්පෙළේ සිටිය යුතු බවද හෙතෙම උපදෙස් දුන්නේය.

ඊයේ(15) සිට අද දක්වා, ෆූජියෑන් පළාතේ චීන කොමියුනිස්ට් පක්ෂ කමිටු ලේකම්වරයා හා පළාත් ප්‍රධානියා සමග ෂී ජින් පිං ජනාධිපතිවරයා එම පළාතේ Zhangzhou නගරය හා Xiamen නගරයට පැමිණ ඇත.එහි දී ග්‍රාමීය ප්‍රදේශ, විප්ලවීය ජීවගුණ අධ්‍යයන මධ්‍යස්ථාන, පුරා වස්තු සංරක්ෂිත ආයතන, නිදහස් වෙළඳාම අත්හදා බැලීමේ කලාප යන ස්ථාන ඔහු නිරීක්ෂණය කළේ ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම