ඵලදායී සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් වෙනුවෙන් කැපවන ලෙස ජනපති රාජ්‍ය සේවකයින්ගෙන් ඉල්ලයි
2024-10-16 15:23:52
Share with:

පුරවැසියා තෘප්තිමත් කිරීම සඳහා ඵලදායි හා කාර්යක්ෂම රාජ්‍ය සේවාවක් නිර්මාණය කිරීමට වත්මන් රාජ්‍ය සේවකයාගේ කැපවීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. 

ඒ සඳහා ගත යුතු සෑම පියවරක්ම ගැනීමට තමා කටයුතු කරන බව ද හෙතෙම පැවසීය. ඔහු මේ බව සඳහන් කළේ බලශක්ති අමාත්‍යාංශයේ  ඊයේ(15) පැවති ප්‍රගති සමාලෝචන සාකච්ඡාවට එක් වෙමිනි.

රටේ ආර්ථිකය බිඳ වැටීම පිටුපස වංචාව, දූෂණය හා නාස්තිය තිබූ බව ජනතාව විශ්වාස කරන බවත් එය වැළැක්වීම සඳහා මෙවර ජනවරම ලබාදී ඇති බවත් ජනාධිපතිවරයා පැවසීය. රාජ්‍ය දේහය පුරා පැතිර පවතින වංචා සහ දූෂණ නැවැත්වීම සඳහා ජනතාව තැබූ විශ්වාසය තමා ආරක්ෂා කරන අතර, රාජකාරී සීමාව තුළ රාජ්‍ය සේවකයා ගනු ලබන ජනතා හිතවාදී සෑම කටයුත්තක් වෙනුවෙන්ම තමන් පෙනී සිටින බවත්, අනිසි දේට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම