න්‍යෂ්ටික අවි සහිත රටවල් අතර ‘එකිනෙකාට න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිතයට නොගැනීමේ ගිවිසුමක්’ අත්සන් තැබීමට චීනය යෝජනා කරයි.
1964 ඔක්තෝම්බර් 16 වැනිදා චීනය සිය පළමු පරමාණු බෝම්බය සාර්ථකව පුපුරවා හැර න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිත නොකිරීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට එදින ම ප්‍රකාශ කළ බව අද (16) පැවති චීන විදේශ අමාත්‍යංශ නිත්‍ය මාධ්‍ය හමුවේදී වාර්තාකරුවෙක් සඳහන් කළේය. අනතුරුව මෑතකදී න්‍යෂ්ටික අවි ව්‍යාප්ත නොකිරීම පිළිබඳ ගිවිසුමේ සමාලෝචන ක්‍රියාවලියේදී ‘එකිනෙකාට න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිතයට නොගැනීමේ ගිවිසුමක්’ සමග බැඳීමට චීනය න්‍යෂ්ටික අවි සහිත රටවලට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් ඔහු චීනයේ ස්ථාවරය වීමසීය.
ඒ පිළිබඳව චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය පැවසුවේ වසර 60ක් ගත වීමත් සමග, න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් භාවිතයට නොගැනීමේ ප්‍රතිපත්තිය, දිනෙන් දින ජාත්‍යන්තර අවි පාලනයේ වැදගත් එකඟතාවක් සහ ප්‍රමුඛතාවයක් බවට පත්ව ඇති බවය. න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන් තහනම් කිරීම සහ විනාශ කිරීම මෙන්ම, න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම සඳහා, චීනය විවිධ පාර්ශ්ව සමඟ කටයුතු කිරීමට කැමැත්තෙන් සිටින බව ඇය පෙන්වා දුන්‍නාය.