සාකච්ඡා මාර්ගයෙන් ඊශ්‍රායල-යේමන ගැටුම නිරාකරණය කිරීම එකම නිවැරදි තේරීම බව චීනය කියයි
2024-10-16 10:12:05
Share with:

සාකච්ඡා මාර්ගයෙන් ඊශ්‍රායල-යේමන ගැටුම නිරාකරණය කිරීම එකම නිවැරදි තේරීම බව චීනය පෙන්වා දෙයි. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඊයේ (15) ඊශ්‍රායල-යේමන ගැටුම පිළිබඳ පැවැත්වූ විවෘත සාකච්ඡාවකට එක් වෙමින් එක්සත් ජාතීන්ගේ චීනයේ ස්ථාවර නියෝජිත ගෙං ෂුවං මහතා මේ බව අවධාරණය කළේ ය.

ගෙවුණු සති කිහිපයේ ගාසා තීරයේ සහ ඊශ්‍රායලය හා ලෙබනනය අතර පවතින ගැටුම් උග්‍ර වෙමින් පවතී. ඉන් මැදපෙරදිග කලාපයේ සෘණාත්මක බලපෑම් තවදුරටත් වර්ධනය වෙමින් ඇතැයි ද ඔහු එහිදී කියා සිටියේ ය. ගෙවුණු සති කිහිපයේ යේමනයේ හුති සන්නද්ධ සංවිධානය  ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කළ අතර ඊශ්‍රායලය එම සංවිධානයේ බල ප්‍රදේශවල වරායන් දෙකකට ගුවන් ප්‍රහාර එල්ල කර තිබේ. මේ පිළිබඳව චීනය දැඩි කණස්සල්ලෙන් සිටින බවත්, පවතින ගැටුම්කාරී තත්ත්වය කඩිනමින් සමනය කළ යුතු බවත්, ගෙං ෂුවං මහතා පවසයි. යුදමය වශයෙන් නොව ‍ සාකච්ඡා මාර්ගයෙන් ගැටුම නිරාකරණය කරන ලෙස ඔහු අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කළේ ය.

 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම