චීන ආනයන හා අපනයන වෙළඳාමේ වර්ධනයක්
2024-10-16 10:32:15
Share with:

2024 පළමු කාර්තු තුන තුළ චීන භාණ්ඩ වෙළඳාමේ සමස්ත ආනයන හා අපනයන වටිනාකම ඉහළ යයි.

එහි වටිනාකම චීන යුවාන් ට්‍රිලියන 32.33 ක් වන අතර එය 2023 වසරේ අදාළ කාල සීමාවට වඩා සියයට 5.3ක වැඩිවීමකි. ලෝක ආර්ථිකය තවදුරටත් පුනර්ජීවනය වෙමින් පවතින අතර ගෝලීය වෙළඳ ආරක්ෂණය ද  වැඩි වෙමින් පවතී. එවන් පසුබිමක් යටතේ චීන ‍විදේශ වෙළඳාම අනපේක්ෂිත ලෙස ස්ථාවර වර්ධනයක් ලබා ගැනීම ඉතා අපහසු කාර්යයක් බව ජාත්‍යන්තර මාධ්‍ය පෙන්වා දී තිබේ.

චීනයේ සම්පූර්ණ නිෂ්පාදන සැපයුම් දාමය, විශාල පරිමාණ ආර්ථිකයේ වාසි සහ තාක්ෂණයේ වේගවත් දියුණුව චීනයේ මෙම වර්ධනයට බලපා තිබේ. එසේම චීනයේ නිෂ්පාදනවලට ප්‍රබල තරගකාරී හැකියාවක් ඇති අතර එය ජාත්‍යන්තර වෙළඳපොළ අඛණ්ඩව ව්‍යාප්ත කිරීම සඳහා පදනමක් මෙන්ම සහතිකයකි.

මෑතකදී විදේශීය ඉල්ලුමේ වැඩි වීම ද චීනයේ අපනයන සඳහා වාසිදායක තත්වයක් නිර්මාණය කොට තිබේ. ලෝක වෙළඳ සංවිධානයේ අදාළ වාර්තාවකට අනුව මෙම වසරේ භාණ්ඩ වෙළඳාමේ වර්ධන වේගය පිළිබඳ පුරෝකථනය ඉහළ නංවා ඇත. ලෝක බැංකුව සහ ආර්ථික සහයෝගිතා සහ සංවර්ධන සංවිධානය වැනි ආයතනයන්‍ට අනුව ගෝලීය ආර්ථිකය ස්ථාවර වර්ධනයක පවතී.

ඒ සමඟම, චීනය ආනයනය වැඩි කිරීමෙන් ලෝකය සමඟ විශාල වෙළඳපොළ සහ නව අවස්ථා බෙදා ගනිමින් සිටී. 2024 පළමු කාර්තු තුන තුළ චීනයේ ආනයන පරිමාණය කාර්තුවෙන් කාර්තුවට ඉහළ ගොස් ඇති අතර ගෝලීය රටවල් හා ප්‍රදේශ 160කට වැඩි සංඛ්‍යාවක් සමඟ පවතින වෙළඳා‍මේ වර්ධනයක් පෙන්නුම් කෙරේ.

වර්තමානයේ චීන විදේශ වෙළඳාම තවදුරටත් සංකීර්ණ හා දැඩි බාහිර පරිසරයට මුහුණ ‍දෙන අතර භූ දේශපාලන සහ වෙළඳ ආරක්ෂණ බලපෑම තවදුරටත් පවතී.

කෙසේ වෙතත්, චීනයේ විදේශ වෙළඳාමට සහාය වන වාසිදායක තත්වයන් වෙනස් නොවී සංවර්ධනයට බලපාන ක්‍රියාකාරී සාධකද ක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

ගුවන් විදුලිය
20241107බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම