චීන අගමැති Li Qiang මහතා ශැන්හයි සහයෝගිතා සංවිධානයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ කමිටුවේ 23 වන රැස්වීමට එක් වේ. එම රැස්වීම අද(16) පාකිස්ථානයේ ඉස්ලාමාබාද් අගනුවර දී පැවැත්විණ.
බෙලරුසියානු අගමැති Roman Golovchenko, කසක්ස්ථාන අගමැති Olzhas Bektenov, කිර්ගිස්ථාන අගමැති Akylbek Zhaparov, රුසියානු අගමැති Mikhail Vladimirovich Mishustin, ටජික්ස්ථාන අගමැති Rasulzoda Qohir, උස්බෙකිස්ථාන අගමැති Abdulla Nigmatovich Aripov, නිරීක්ෂණ රට වන මොන්ගෝලියාවේ අගමැති Luvsannamsrai Oyun-Erdene යන මහත්වරු මෙන්ම ඉන්දියානු විදේශ ඇමති Subrahmanyam Jaishankar, ඉරාන කාර්මික, ඛනිජ හා වෙළඳ අමාත්‍යවරයා, රැස්වීමේ සත්කාරක රටේ විශේෂ ආරාධිත-තුර්ක්මෙනිස්ථාන උප අගමැති හා විදේශ ඇමති Rashid Meredov යන මහත්වරු ද එම රැස්වීමට එක් වූහ. පාකිස්ථාන අගමැති Muhammad Shahbaz Sharif මහතා එහි මුලසුන දැරුවේය.
ශැන්හයි සහයෝගතා සංවිධානයේ සහාය සම්බන්ධයෙන් චීන අගමැති Li Qiang මහතා එහිදී සිව්වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළේය.
පළමු වැන්න, සංවිධානයේ මීළඟ දශකයේ සංවර්ධන ක්‍රියාමාර්ගය හා විවිධ ක්ෂේත්‍රවල සහයෝගතාවන්හි මාර්ග සිතියමක් මනා ලෙස සම්පාදනය කිරීමය. දෙවැන්න, සංවර්ධනයේ අවශ්‍යතාවට සරිලන සේ ප්‍රායෝගික සහයෝගතා පුළුල් කිරීමය. තෙවැන්න, අවදානම්වලට මුහුණ දීමට අවධානය යොමු කිරීමය. එසේම ත්‍රස්තවාදය, බෙදුම්වාදය හා අන්තවාදය මර්දනය කිරීමට ඒකාබද්ධ මෙහෙයුම් ශක්තිමත් කළ යුතු ය. හතරවැන්න, ජනතාවගේ අපේක්ෂාවන්ට අනුව මිනිස් හුවමාරු ව්‍යාප්ත කිරීමය.
Li Qiang මහතා හා රැස්වීමට එක්වූ විවිධ රටවල නායකයින් ඒකාබද්ධ නිවේදනයකට අත්සන් තබමින් ශැන්හයි සහයෝගතා සංවිධානයේ අදාල තීරණයන් අනුමත කර ඇත.