ලෝක සාමය හා මානව ප්‍රගමනය වෙනුවෙන් ඥානය හා ශක්තිය දායක කරන ලෙසට බෞද්ධ ප්‍රජාවට ඇරයුමක්
2024-10-16 09:21:38
Share with:

ලෝක සාමය හා මානව ප්‍රගමනය වෙනුවෙන් ඥානය හා ශක්තිය  දායක  කරන ලෙස චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටු සභාපති වන්ග් හූනින්ග් මහතා ‍බෞද්ධ ප්‍රජාවෙන් ඉල්ලීමක් කරයි. චීන කොමියුනිස්‍ට් පක්ෂයේ දේශාපාලන කාර්යාංශ ස්ථාවර කමිටු සාමාජිකයෙකු ද වන හෙතෙම මෙම අදහස් පළ කළේ හයවන ලෝක බෞද්ධ සංවාදයේ සමාරම්භක සැසිය අමතමිනි. සැසිය ඊයේ(15) නැගෙනහිර චීනයේ නින්ග්බෝ නගරයේ දී පැවැත්විණ.

වෙනස් ශිෂ්ටාචාර අතර සංවාද හා හුවමාරු ප්‍රවර්ධනය කරමින් විවිධ කලාපවල සුසංගතභාවය වෙනුවෙන් බෞද්ධ ප්‍රජාව ක්‍රියා කරනු ඇතැයි ද හෙතෙම අපේක්ෂා පළ කළේය. චීනය ආගම් ඇදහීමේ නිදහස් ප්‍රතිපත්තිය අනුගමනය කරන බව ද ‍ඔහු අවධාරණය කළේය. ස්වාධීන්තවය, සමානත්වය, මිත්‍රත්වය, අන්‍යෝන්‍ය ගෞරවය පදනම් ව ආගමික ප්‍රජාවන්ට ජාත්‍යන්තර හුවමාරු සිදු කිරීම චීනය දිරිගන්වන අතර ඊට සහ‍යෝගය ලබා දෙන බව ද වන්ග් හූනින්ග් මහතා පැවසීය. ගෝලීය ආගමික හා සංස්කෘතික සංවාදයන්ට සහභාගීවීමට මෙන්ම සෙසු රටවල බෞද්ධ ප්‍රජාවන් අතර මිත්‍ර හුවමාරු පැවැත්වීමට චීන රජය චීන බෞද්ධ ප්‍රජාවට සහාය ලබාදෙන බව ද හෙතෙම සඳහන් කළේය.

මෙම සංවාදයට රටවල් හා කලාප 72කින් නියෝජිතයෝ 800ක් පමණ සහභාගිවී සිටිති.


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම