ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුවේ 2024 සම්මාන රාත්‍රී භෝජනය සංග්‍රහයට චීන ජනපතිගේ සුභ පැතුම්
2024-10-16 11:16:27
Share with:

ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුවේ 2024 සම්මාන රාත්‍රී භෝජන සංග්‍රහය සඳහා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඊයේ(15) සුබ පැතුම් පණිවිඩයක් යොමු කළේ ය.

චීනය සහ ඇමරිකාව අතර ඒ ඒ ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගීතා  ප්‍රවර්ධනය  සඳහා මෙම කමිටුව දරන උත්සාහයන් ෂී ජින් පිං මහතා ගේ පැසසුමට ලක්විය. එහි සම්මානලාභියා වන William Fordට  ද හෙතෙම සිය සුබ පැතුම් පිරිනැමීය.

චීන-ඇමරිකා සබඳතා ලෝකයේ වැදගත්ම ද්විපාර්ශ්වික සබඳතා වලින් එකක් බව ෂී ජින් පිං මහතා කීය. චීනය සැමවිටම අන්‍යෝන්‍ය ගෞරවය, සාමකාමී සහජීවනය, සහයෝගීතා ඔස්සේ පොදු-ජයග්‍රාහී මූලධර්මවලට අනුකූලව චීන-ඇමරිකා සබඳතා හසුරුවයි. චීනය සහ ඇමරිකාව ලබා ගන්නා සාර්ථකත්වයන් එකිනෙකාගේ අවස්ථාවන් බව චීනය සැමවිටම විශ්වාස කරයි. දෙරට එකිනෙකාගේ බාධාවක් නොවිය යුතු අතර, එකිනෙකාගේ සංවර්ධන ශක්තියක් විය යුතු ය. දෙරටේ ජනතාවට වඩා වැඩි  ප්‍රතිලාභ ගෙන දීමටත් ලෝකයට වැඩි ස්ථාවරත්වය සහ ධනාත්මක ශක්තිය ලබා දීමටත් ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව සහ ඒ ඒ ක්ෂේත්‍රවල මිතුරන්, චීන-ඇමරිකා සබඳතාවට අඛණ්ඩව සහාය වනු ඇතැයි අපේක්ෂා කෙරේ. එමෙන්ම "සැන් ෆ්‍රැන්සිස්කෝ අපේක්ෂාවන්" එක්ව ඉටු කිරීමට හැකිවෙතැයි තමා බලාපොරොත්තු වන බව ද ෂී ජින් පිං මහතා සිය පණිවිතයේ සඳහන් කළේය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම