2024 වසරේ ගෝලීය නවෝත්පාදන හැකියාවෙන් චීනය 11 වැනි ස්ථානයට පත් වේ
2024-10-15 17:38:00
Share with:

ගෙවි ගිය වසර 10 තුළ චීනය නවෝත්පාදන හැකියා වර්ධන වේගය වැඩිම ආර්ථිකයක් බව චීන විදේශ අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

ලෝක පේටන්ට් හිමිකම් සංවිධානය නිකුත් කළ 2024 ගෝලීය නවෝත්පාදන දර්ශක වාර්තාවට අනුව, 2024 වසරේ ගෝලීය නවෝත්පාදන හැකියාවේදී චීනය පසුගිය වසරේ 12 වැනි ස්ථානයේ සිට 11 වැනි ස්ථානයට පත් වී ඇත. එහි 30 වැනි ස්ථානය දක්වා එකම මැද-ආදායම් ආර්ථිකය චීනය බව වාර්තා වෙයි. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය අද (15) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදාළ තොරතුරු විස්තර කළාය.

එම වාර්තාවට අනුව, ගෙවි ගිය වසර 10 තුළ චීනය  නවෝත්පාදන හැකියා වර්ධන වේගය වැඩිම ආර්ථිකයක් වන අතර, ලෝකයේ විද්‍යා තාක්ෂණික ‍නවෝත්පාදන සමූහයන් ඉහළම 100 අතර වැඩිම නියෝජනයක්  සහිත රට වන බව ඇය පෙන්වා දුන්නාය. චීන‍යට පවතින යහපත් නවෝත්පාදන පරිසරය මෙන්ම පොහොසත් කුසලතා සම්පත් සඳහා, වඩා වැඩි අන්තර්ජාතික සමාගම් චීනයේ සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථාන ස්ථාපිත කරමින් පවතින බව Mao Ning මහත්මිය පැවසුවාය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම