ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙන් පූර්ණ සහාය ලබාදෙන බවට සහතිකයක්
2024-10-15 14:52:51
Share with:

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අතර හමුවක් ඊයේ (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

පාලනය, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමය පිළිබඳව මෙහිදී මූලික වශයෙන් අවධානය යොමු කෙරිණ. "බහුමාන අවදානම් තත්ත්වයන් අවබෝධ කරගැනීම සහ එමඟින් ශ්‍රී ලංකාවේ ජනතාවට ඇති බලපෑම" මැයෙන් සකස් කරන ලද වාර්තාවක් ද නියෝජිතවරිය විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කළේය.

එම වාර්තාව මත පදනම්ව ශ්‍රී ලංකාවේ සංවර්ධන ප්‍රයත්නයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ පූර්ණ සහාය ලබාදෙන බවට ද නියෝජිතවරිය සහතික වී තිබේ.

කෘෂිකාර්මික අංශය ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය ප්‍රවර්ධනය, ශ්‍රී ලංකාවේ ඩිජිටල්කරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට සහාය ලබා දීම පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණ.

රජයේ නව ප්‍රතිසංස්කරණ, දූෂණ විරෝධී ප්‍රයත්නයන් සහ ආර්ථිකය හා පාර්ලිමේන්තුව යන දෙඅංශය තුළම කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම යන කාර්යයන් සඳහා සහාය දැක්වීමේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ කැපවීම මෙම සාකච්ඡවේ දී යළි තහවුරු කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම