චීන යුද හමුදා න්‍යායාත්මක අධ්‍යයනයන් පිළිබඳ රැස්වීම පැවැත්වේ
2024-10-15 19:48:20
Share with:

චීන යුද හමුදා න්‍යායාත්මක අධ්‍යයනයන් පිළිබඳ රැස්වීම ඊයේ (14)සිට අද(15) දක්වා චීනයේ බෙයිජිං නගරයේදී පැවැත්විණ. 

චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති සහ මධ්‍යම හමුදා කොමිසමේ සභාපති ෂී ජීන් පිං මහතා එහිදී වැදගත් උපදෙස් ලබා දුන්නේය.

හමුදා න්‍යායන්හි නවීකරණය, ජාතිකාරක්ෂක හා හමුදාවේ නවීකරණයේ වැදගත් කොටසක් බවත් හමුදාව ශක්තිමත් කිරීමේදී  එය ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ යුතු බවත් ෂී ජින් පිං මහතා පැවසීය. නව යුගයේ හමුදාව ශක්තිමත් කිරීමේ චින්තනය හා යුද උපායමාර්ගික ක්‍රියාමාර්ගය අනුගමනය කරමින් මාක්ස්වාදයේ මූලික සිද්ධාන්ත, මහජන හමුදාවේ සංවර්ධනයට එකතු කළ යුතු යැයි ද ඔහු පෙන්වා දුන්නේය.

 යුද පෙරමුණ, හමුදාව හා අනාගතයට මුහුණපාන සේ හමුදාමය න්‍යායාත්මක අධ්‍යයනයන් සිදු කරමින්, තාක්ෂණයන්හි, යුද තත්ත්වයන්හි හා විරුද්ධවාදීන්ගේ වෙනස්කම්වලට දැඩි අවධානය යොමු කළ යුතු ය. එමෙන්ම නව ඓතිහාසික කොන්දේසිය හමුවේ හමුදා සංවර්ධනය හා යුද සූදානම කේන්ද්‍ර කර ගනිමින්, න්‍යායාත්මක නිර්මාණශීලිත්වය පිළිබඳ උසස් පෙළේ විසඳුම් හා හමුදාමය න්‍යායාත්මක අධ්‍යයන ක්‍රම වැඩිදියුණු  කිරීමෙහි නිරත විය යුතුය. මේ අතරතුර හමුදා න්‍යායන් ප්‍රායෝගිකව ප්‍රගුණ කිරීම ද වැදගත්ය. 

එමගින්, චීන ලක්ෂණ සහිත නවීන හමුදා න්‍යායාත්මක පද්ධතියක් ගොඩනගා, ‘චීන හමුදාව ස්ථාපිත කිරීමේ ශතවර්ෂ සංවත්සරයට නියම වූ ඉලක්කය’ සපුරා ගැනීම මෙන්ම ප්‍රමුඛ පෙළේ ගෝලීය හමුදාවක් ගොඩනැගීම සඳහා විද්‍යාත්මක සහාය සහ මාර්ගෝපදේශ ලබා දීමට අපේක්ෂා කරන බවද ෂී ජින් පිං මහතා පැවසීය. 

ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම