ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් කැනඩා රාජ්‍ය තාන්ත්‍රිකයන් හය දෙනකු රටින් පිටවිය යුතු දිනය ප්‍රකාශ කරයි.ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු කැනඩාවෙන් ඉවත් කර ගන්නා බවත් ඒ සමගම ප්‍රකාශ කෙරිණ.මේ අතර එදිනම කැනඩා විදේශ අමාත්‍යාංශය ප්රචණ්ඩ සාපරාධී ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් සැකපිට ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු නෙරපා හරින බව නිවේදනය කළේය.
ඉන්දීය විදේශ අමාත්‍යාංශය ඊයේ (14) රාත්‍රී නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ඉන්දියාවේ සිටින කැනඩා රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හය දෙනෙකු ලබන 19 වැනිදා 23:59ට පෙර ඉන්දියාවෙන් පිටව යන ලෙස ඉන්දීය රජය ඉල්ලා සිටින බවයි. එදින පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍යාංශය තවත් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කැනඩාවෙන් සිය මහ කොමසාරිස්වරයා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් හය දෙනෙකු ඉවත් කර ගැනීමට ඉන්දියාව තීරණය කළ බවයි.
කැනඩාවේ ඉන්දීය මහ කොමසාරිස් සහ තවත් රාජ්‍ය තාන්ත්‍රිකයින් පස් දෙනෙකු ප්‍රචණ්ඩකාරී අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් සැකපිට පිටුවහල් කළ බව කැනඩා විදේශ අමාත්‍යාංශය ඊයේ (14) නිවේදනයක් නිකුත් කළේය.
කැනඩා විදේශ අමාත්‍ය Melanie Joly මහත්මිය එදිනම ප්‍රකාශ කළේ ඉන්දීය රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරීමට තීරණය කළේ හොඳින් සලකා බැලීමෙන් පසුව බවත් කැනඩා පොලීසිය කැනඩාවේ ජීවත්වූ සීක් නායක Hardeep Singh Nijjar ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හය දෙනෙකු හඳුනා ගැනීමෙන් පසුව බවත්ය.
පසුගිය වසරේ ජූනි මාසයේදී කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා හි දී කැනඩා පුරවැසියෙකු වන සික් ජාතික Hardeep Singh Nijjar වෙඩි තබා ඝාතනය කෙරිණ. 1990 ගණන්වල ඉන්දියාවේ සිට කැනඩාවට සංක්‍රමණය වූ ඔහු 2020 වසරේ ජූලි මාසයේදී ඉන්දීය රජය විසින් ත්‍රස්තවාදියෙකු ලෙස නම් කරන ලදී. මෙම ඝාතනයට ඉන්දීය රජය සම්බන්ධ බවට කැනඩාව චෝදනා කළ නමුත් ඉන්දියාව එය ප්‍රතික්ෂේප කළේය.