‘සංස්කෘතික හා කලාත්මක කාර්යයන් පිළිබඳ සාකච්ඡාවේදී සිදු කළ දේශනය’ නමැති ෂී ජින්පිං ජනාධිපතිවරයාගේ වැදගත් ලිපිය හෙට(16) ‘Qiushi’ සඟරාවේ 20වැනි කලාපයේ පළ කෙරේ.
වසර 2014 ඔක්තෝබර් 15වනදා පැවති ‘සංස්කෘතික හා කලාත්මක කාර්යයන් පිළිබඳ සාකච්ඡාවේ’දී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සිදු කළ දේශනයේ පිටපත මෙසේ යළි පළ වනු ඇත.
චීන ජාතිකයින් සතුව බලවත් සංස්කෘතික නිර්මාණශීලි හැකියාවක් පවතින බව ඉතිහාසයෙන් හා යථාර්ථයෙන් ඔප්පු වී තිබෙන බව එම දේශනය පෙන්වා දෙයි.
සමාජවාදී සංස්කෘතික හා කලාත්මක කාර්ය මූලිකව විමසීමේ දී, එය ජනතාවගේ සංස්කෘතික හා කලාත්මක කාර්ය වේ. ජන හදවත විදහා දැක්වීම සඳහා ජනතාවට හා සමාජවාදයට සේවය කිරීම යන මූලික දිශාවෙහි එල්බ සිටිය යුතුය.
සෑම යුගයකටම අනන්‍ය ජීවගුණයක් ඇත. සංස්කෘතික හා කලාත්මක කාර්ය, ආධ්‍යාත්මික ගුණ වගා කිරීමේ ව්‍යාපෘති මෙන් ඒ ක්ෂේත්‍රයේ නියුතුවූවන් එහි ‘ඉංජිනේරුවන්’ වේ. අදාල කෂේත්‍රයේ නිරත වන සේවකයින් සමාජවාදී වටිනාකම පිළිබඳ සංකල්පයට අනුකූලව සිය වගකීම් පැහැදිලි කර ගෙන එම සංකල්පය ප්‍රාණවත් හා සැබෑ ලෙස සිය නිර්මාණවලට එකතු කිරීමට වෑයම් දැරිය යුතු බව එම දේශනය අවධාරණය කර ඇත.