ගාසා තීරයේ පූර්ණ හා ස්ථාවර සටන් විරාමයක් වහාම කැඳවන ලෙස චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඉල්ලීමක් කරයි.ඊශ්‍රායල විදේශ අමාත්‍ය ඊස්රාඑල් කාට්ස් මහතා සමග පැවති දුරකථන සංවාදයකදී චීන විදේශ අමාත්‍යවරයා මේ බව පැවසීය.ගාසා තීරයට බාධාවකින් තොර මානුෂවාදී ආධාර ප්‍රවේශය සහතික කළ යුතු බවද හෙතෙම කීය.වර්ධනය වෙමින් පවතින මැදපෙරදිග තත්ත්වය පිළිබද ජාත්‍යන්තර ප්‍රජාව දැඩි කණස්සල්ලට පත්ව සිටී .ජාතිය හෝ වර්ගය පිළිබඳ වෙනසකින් තොරව සියලු ජීවිතවලට ඇත්තේ සමාන වටිනාකමකි.ගාසා තීරයේ මානුෂවාදී අර්බුදය වහා අවසන් කළ යුතුය.ගැටුම් මගින් සියළු පාර්ශ්වවල නීත්‍යනුකූල අයිතීන්ට ආමන්ත්‍රණය කළ නොහැකි බවද චීන විදේශ ඇමතිවරයා පැවසීය.ගාසා ගැටුමෙන් යළි සනාථ වී ඇත්තේ පලස්තීන ප්‍රශ්ණය ගාසා තීරයේ කේන්ද්‍රීය ගැටළුව යැයි ද චීන විදේශ ඇමතිවරයා එහිදී පැවසීය.ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජිකයෙකු ලෙසට චීනය සැමවිටම සාමය වෙනුවෙන් නැගී සිටින බව හෙතෙම කීය.කලාපයේ සාමය වෙනුවෙන් චීනය අඛණ්ඩව ක්‍රියා කරන බව චීන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.එහිදී අදහස් දැක්වූ ඊශ්‍රායල විදේශ ඇමතිවරයා පැවසුවේ දෙරටේ පොදු සැලකිල්ලට ලක්වන කරුණු මත ඊශ්‍රායලය චීනය සමග සබඳතා වර්ධනය කර ගන්නා බවයි.තායිවාන ප්‍රශ්ණයේ දී ඊශ්‍රායල රජය සිය නොවෙනස් ස්ථාවරයේ සිටින බවද හෙතෙම පැවසීය.මේ අතර චීන විදේශ අමාත්‍ය වන්ග් යී මහතා ඉරාන විදේශ අමාත්‍ය සයිඩ් අබ්බාස් මහතා සමග දුරකථන සංවාදයක නිරත විය.එහිදී අදහස් දැක්වූ චීන විදේශ ඇමතිවරයා මැද පෙරදිග තත්ත්වය කෙරෙහි සැලකිල්ල යොමු කරන චීනය වගකීම් සහගත රටක් ලෙසට ගැටුම්කාරී තත්ත්වයන් සමනය කිරීම වෙනුවෙන් අඛණ්ඩව සිය කාර්යභාරය ඉටු කරන බව පැවසීය.විදේශ අමාත්‍යවරු දෙපළ චීන -ඉරාන සබඳතා පිළිබඳවද අවධානය යොමු කළහ.සියලු මට්ටමේ හුවමාරු සහ ප්‍රායෝගික සහයෝගතා ප්‍රවර්ධනයට දක්වන කැපවීම ද එහිදී අවධාරණය කෙරිණ.කලාපයේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් ඉරානය දැඩි සැලකිල්ල දක්වන අතර ගැටුම් තවදුරටත් වර්ධනය වනු දැකීමක් අපේක්ෂා නොකරන බවද හෙතෙම කීය.ජාත්‍යන්තර කටයුතුවලදී චීනයේ බලපෑම් කෙරෙහි ඉරානය ඉහළ වටිනාකමක් ලබා දෙන බවද ඉරාන විදේශ ඇමතිවරයා සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චීන විදේශ ඇමතිවරයා ඉරාන රජය රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීම් මගින් අදාළ පාර්ශ්ව සමග අවබෝධය වර්ධනය කර ගනිමින් කලාපීය රටවල් සමග සබඳතා වර්ධනය කර ගනු දැකීමට චීනය කැමති බව සඳහන් කළේය.