ඉරානය යුද්ධයට පූර්ණ ලෙස සූදානම් නමුත් කිසිවිටක යුද්ධයක් අපේක්ෂා නොකරන බව එරට විදේශ ඇමති Abbas Araqchi මහතා පවසයි.
හෙතෙම ඊයේ(13) ඉරාකයේ සංචාරයක නිරත වන අතරතුරදී ඉරාක විදේශ ඇමතිවරයා සමග පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.
වර්තමානයේ මැදපෙරදිග ප්‍රදේයේ අඛණ්ඩව උග්‍ර වන අර්බුදයක් පවතින බව ඔහු පෙන්වා දුන්නේය. ඊශ්‍රායලය ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර ලෙබනනයේ යුධ මෙහෙයුම් ආරම්භ කිරීම හෙළා දකිමින් Abbas Araqchi මහතා එහිදී අදහස් පළ කර ඇත.
ඊශ්‍රායලය වහාම මැද පෙරදිග ප්‍රදේශයේ අදාළ මෙහෙයුම් නතර කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. යුද්ධයට මුහුණ දීම සඳහා ඉරානයට පූර්ණ සූදානමක් පවතින නමුත් කිසිවිටක එවැනි තත්ත්වයක් අපේක්ෂා නොකරන අතර සෑමවිටම සාමය පිළිගනු ඇත. එමෙන්ම සටන් විරාමයක් ආරම්භ කිරීම සඳහා ඉරානය කලාපීය හවුල්කරුන් සමග සම්බන්ධීකරණ කටයුතු සිදු කරමින් සිටින බව ද ඉරාන විදේශ ඇමතිවරයා මෙහිදී වැඩිදුරටත් පවසා ඇත.