චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ආරාධනාවකට අනුව අද(14) පස්වරුවේ ඉන්දුනීසියානු ජනාධිපති Joko Widodo මහතා සමග දුරකථන සංවාදයක නිරත විය.
ඉන්දුනීසියාවේ නව රජයට චීනය සමග මිත්‍රශීලි ප්‍රතිපත්තියෙහි අඛණ්ඩව එල්බ සිටිමින් පොදු ඉරණමක් සහිත චීන ඉන්දුනීසියා ප්‍රජාවේ සංවර්ධනය වඩාත් ඉහල තලයකට නංවාලීමට කැපවිය හැකි යැයි තමා විශ්වාස කරන බව ෂී ජින්පිං මහතා එහිදී පැවසීය.
චීනය ඉන්දුනීසියාව සමග ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළේ උසස් සංවර්ධනයට දායකවීමට කැමැත්තෙන් සිටින බව ඔහු පැවසීය. එසේම Jakarta–Bandung අධිවේගී දුම්රිය මාර්ගයේ අඛණ්ඩ ක්‍රියාකාරිත්වය මනා ලෙස කළමනාකරණය කරමින් වඩාත් වැඩි එබඳු සහයෝගතා ප්‍රතිඵල බිහි කර දෙරට ජනතාවට වඩාත් සුදුසු ප්‍රතිලාභ ලබා දීමට අපේක්ෂා කරන බව ඔහු කීය.
Bandung සම්මේලනය පැවැත්වීමේ 70වන සංවත්සරය ලබන වසරට යෙදේ. ‘Bandung ජීවගුණය’ හා ‘සාමකාමී සහජීවනයේ පස්වැදෑරුම් මූලධර්ම’ පොදුවේ ප්‍රචලිත කරමින් ගෝලීය දකුණු රටවල් අතර සමගිය ප්‍රවර්ධනය කොට සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු ප්‍රතිලාභ සහතික කිරීමට චීනය ඉන්දුනීසියාව සමග එක්ව ප්‍රයත්න දැරීමට සූදානම් බව ද ෂී ජින්පිං මහතා අවධාරණය කර ඇත.
තම රටේ ආර්ථික සංවර්ධනය සඳහා චීනය සිදු කළ සක්‍රිය දායකත්වයට ස්තූති පළ කළ යුතු බවත්, Jakarta–Bandung අධිවේගී දුම්රිය මාර්ගය ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙල පිළිබඳ ආදර්ශවත් සහයෝගතා ව්‍යාපෘතියක් බවට පත් වී තිබෙන බවත් ඉන්දුනීසියානු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය. නව රජයේ මෙහෙයවීම යටතේ ඉන්දුනීසියා චීන සම්බන්ධතාවය යහපත් වර්ධන ප්‍රවණතාවක් පවත්වා ගෙන යනු ඇතැයි විශ්වාස කරන බව ද ඔහු පැවසීය.