අධික වර්ෂාවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂය ඉක්මවයි
2024-10-14 15:06:56
Share with:

දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් ගණන ලක්ෂයේ සීමාව ඉක්මවා ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

දිස්ත්‍රික්ක 12ක, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 69ක පුද්ගලයින් මෙලෙස අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව තිබේ.

ඒ අනුව පවුල් 34,492කට අයත් පුද්ගලයින් 134,484 දෙනෙකු පීඩාවට පත් ව ඇති බව වාර්තා වේ.

ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් ව ඇති අතර තවත් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ නිවාස 240කට අර්ධ හානි සිදුවී ඇති අතර එක් නිවසක් සම්පූර්ණයෙන් ම විනාශ වී ඇති බවයි.

පවුල් 1753කට අයත් පුද්ගලයින් 6963 දෙනෙකු මේ වන විට ආරක්ෂිත ස්ථාන 81ක රැඳී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

මේ අතර කොළඹ, ගාල්ල, ගම්පහ, කළුතර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයෑම් පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිකුත් කර තිබේ.

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම