ඊශ්‍රායල යුද ටැංකි දකුණු ලෙබනනයේ සාමසාධක කඳවුරුවලට බලහත්කාරයෙන් ඇතුළු වේ
2024-10-14 09:48:33
Share with:

ඊශ්‍රායල යුද ටැංකි දෙකක් දකුණු ලෙබනනයේ පිහිටි එක්සත් ජාතීන්ගේ ආරක්ෂිත කඳවුරක ප්‍රධාන දොරටුව විනාශ කර බලහත්කාරයෙන් ඇතුළු වී ඇත. මේ බව ඊයේ(13) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අන්තර්වාර බලකාය (UNIFIL) තහවුරු කර ඇත.

එරට වේලාවෙන් අලුයම 4.30 ට පමණ සාමසාධක හමුදා සෙබළුන් ආරක්ෂිත කඳවුරුවල සිටියදී ඊශ්‍රායල හමුදාවට අයත් මර්කාවා යුද ටැංකි දෙකක් මෙලෙස කඩාවැදී ඇති අතර විනාඩි 45කට පමණ පසු එම යුද ටැංකි යළි පිටත්ව ගොස් තිබේ. මෙය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කටයුතුවලට එරෙහිව ඊශ්‍රායලය සිදු කළ අත්තනෝමතික ක්‍රියාවකි. 

සාමසාධක නිලධාරීන්ට එල්ල කරන ඕනෑම ප්‍රහාරයක් ජාත්‍යන්තර මානුෂීය නීතිය සහ ආරක්ෂක කවුන්සිලයේ 1701 යෝජනාව බරපතල ලෙස උල්ලංඝණය කිරීමක් වන අතර මෙම ක්‍රියාව හෙළා දකිමින් ලෙබනන් අගමැති Najib Mikati මහතා ද ඊයේ ප්‍රකාශයක් සිදු කර ඇත.

මීට පෙර ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu දකුණු ලෙබනනයේ සිටින සාමසාධක හමුදා ඉවත් කර ගන්නා ලෙස ප්‍රකාශ කළ අතර ලෙබනන් අගමැතිවරයා කියාසිටියේ එය ජාත්‍යන්තර නීත්‍යානුකූලභාවය සහ එහි අදාළ යෝජනා උල්ලංඝනය කිරීමක් වන බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම