වාහන ආනයනයට මහ බැංකුවේ නිර්දේශ හිමි වෙයි
2024-10-14 15:10:55
Share with:

ශ්‍රී ලංකාවේ දළ විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබේ.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන ආනයනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම කෙරෙහි පසුගිය රජයේ අවධානය යොමු විය. එම තීරණයෙහි වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන්නේදැයි ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළේය. එහි දී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ නිල විදේශීය සංචිතයට බලපෑමක් නොවන ආකාරයට වාහන ගෙන්වීමට අවශ්‍ය නිර්දේශ තමන් දැනටමත් මහා භාණ්ඩාගාරයට දී ඇති බවයි. නමුත් ඒ ආකාරයට කටයුතු සිදු කරන්නේදැයි යන තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව ද ඔහු අවධාරණය කළේය.


ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම