ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව මත ජනතා සහන වැඩි කිරීමට පියවර
2024-10-14 15:09:09
Share with:

ජනතාවට ලබාදෙන සහන ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ද එකඟතාව හිමිව ඇති බව ආර්ථික හා මූල්‍ය කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක මහාචාර්ය අනිල් ජයන්ත මහතා පවසයි.

ඔහු පෙන්වාදෙන්නේ ඊට අදාළ යෝජනා ඉදිරියේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත ලබාදීමට කටයුතු කරන බවය.

ජනතාව වෙනුවෙන් ලබාදෙන සහන ඉහළ නැංවීම වත්මන් රජයේ මූලික අරමුණ බව මහාචාර්ය අනිල් ජයන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

විවිධ මූල්‍ය ආයතනයන්හි මැදිහත් වීමෙන් ක්ෂණිකව ආධාර සහන ලබා දෙන අතර ජනතාව සැබෑ නිෂ්පාදන ක්‍රියාවලියට සම්බන්ධකර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් ලබා දුන් බව ඔහු පැවසීය.

 

 

 

ගුවන් විදුලිය
20241030බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම