මෙම වසරේ අප්‍රේල් මස 15වැනිදා සහ ජූලි මස 8වැනිදා චීන ජාතික පරිගණක වෛරස් හදිසි ප්‍රතිචාර මධ්‍යස්ථානය ඇතුළු අනෙකුත් ආයතන විශේෂ වාර්තා දෙකක් නිකුත් කළේය. චීනයට අසත්‍ය චෝදනා එල්ල කිරීමේ අරමුණින් ඇමරිකාව නිර්මාණය කළ ඊනියා“Volt Typhoon”ව්‍යාජ සිද්ධිය පිළිබඳ එමගින් හෙළිදරව් කර තිබේ.
මේ අතර චීන අන්තර්ජාල ආරක්ෂණ ආයතනය අද(14) තෙවැනි වරටත් විශේෂ වාර්තාවක් නිකුත් කළේය. ඇමරිකානු රජයේ ආයතන සහ ‘Five Eyes Alliance’ රටවල් චීනය හා ජර්මනිය ඇතුළු සෙසු රටවල සහ ගෝලීය අන්තර්ජාල පරිශීලකයින් පිළිබඳ ඔත්තු බලමින් සහ රහස් තොරතුරු අනාවරණය කර ගැනීමට උත්සාහ දරා ඇති බව ඉන් සනාථ වී ඇත.
එමෙන්ම චීන අන්තර්ජාල ආරක්ෂණ ආයතනය ඇමරිකානු රජයේ ආයතන විවිධ උපක්‍රම මගින් අනෙක් රටවලට චෝදනා එල්ල කර ඇති බවට අදාළ සාක්ෂි ද සොයාගෙන ඇත. ඒ අනුව ඊනියා“Volt Typhoon” යනු ඇමරිකානු රජය විසින්ම නිර්මාණය කළ දේශපාලන විගඩමක් බව සම්පූර්ණයෙන්ම හෙළිදරව් කර අවසන් ය.
සිය සයිබර් ප්‍රහාර ක්‍රියාවන් වසන් කොට අනෙක් රටවලට චෝදනා එල්ල කිරීම සඳහා ඇමරිකානු බුද්ධි ඒජන්සිය ‘Marble’ නමැති සැඟවුණු‘ආධාරක කට්ටලයක්’ නිර්මාණය කොට ඇති බව ද එම වාර්තාවෙන් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.