තායිවාන බෙදුම්වාදීන්ට චීන මහා ගොඩබිමේ ප්‍රතිප්‍රහාර නතර නොවනු ඇත
2024-10-14 20:22:33
Share with:

තායිවාන බෙදුම්වාදින්ගේ අඛණ්ඩ ප්‍රකෝප කිරීම් හමුවේ චීන මහාගොඩබිමේ ප්‍රතිප්‍රහාර මොහොතකට හෝ නතර නොවනු ඇති බව පැහැදිලිය.

ඒකාබද්ධ සටන් හැකියාවන් පරීක්ෂා කිරීමට, අද (14) චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර සේනාංකය, සිය නාවික, ගුවන් සහ රොකට් බලකායන් සංවිධානය කළ, " Joint Sword-2024B" යුද අභ්‍යාසය පැවැත්වීය. එම අභ්‍යාසය තායිවාන සමුද්‍ර සන්ධියේ, උතුරු තායිවාන දූපතේ, දකුණු තායිවාන දූපතේ සහ දූපතට නැගෙනහිර ප්‍රදේශයේ දී සිදු කෙරිණ. Liaoning ගුවන් යානා වාහක කණ්ඩායම ද තායිවාන දූපතට නැගෙනහිරින් එම අභ්‍යාසයට එක් විය.  එම අභ්‍යාසය තායිවාන බෙදුම්වාදී බලවේගයේ ප්‍රකෝප කිරීම්වලට ප්‍රබල අනතුරු ඇඟවීමක් වන අතර, චීනයේ ජාතික ස්වෛරීභාවය සහ ජාතික සමගිය ආරක්ෂා කිරීමට නිත්‍යානුකූල සහ අත්‍යවශ්‍ය පියවරක් බව චීන රාජ්‍ය මණ්ඩලයේ තායිවාන කටයුතු පිළිබඳ කාර්යාලයේ ප්‍රවෘත්ති ප්‍රකාශක Chen Binhua මහතා අද (14) පැවසීය.

තායිවාන බෙදුම්වාදියෙකු මෙන්ම සාමය විනාශ කරන්නෙකු ලෙස, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලක Lai Ching-te පසුගිය 10 වැනිදා සිදු කළ ප්‍රකාශය වඩාත් ගැටුම්කාරී වන අතර, හිතාමතාම අදාළ ආතතීන් ඉහළ නංවා තිබේ. තායිවාන සමුද්‍ර සන්ධියේ සාමය සහ ස්ථාවරත්වයට එය බරපතල ලෙස හානි සිදු කර ඇත. Lai Ching-teගේ ප්‍රකෝප කිරීම්වලට එරෙහිව චීන මහා ගොඩබිම ප්‍රතිප්‍රහාර එල්ල කළේය. එම ප්‍රතිප්‍රහාර සාධාරණ හා නිත්‍යානුකූල බව කිව හැකිය.

තායිවාන බෙදුම්වාදය හා චීන මහා ගොඩබි‍මේ පාර්ශ්වය අතර ගැටුම, ‘සමාජ පද්ධතීන්’ අතර සටනක් නොව, යළි එක්වීම සහ වෙන්වීම අතර අරගලයකි.  චීන මහජන විමුක්ති හමුදාවේ එම මහා පරිමාණ යුධ අභ්‍යාසය ඇමරිකාව සඳහන් කරන පරිදි ඊනියා කුමණ්ත්‍රණයක් නොවේ. එය රටේ බෙදුම්වාදීන්ට දඬුවම් කිරීමේ පියවරක් වන අතර, ජාතික ස්වෛරීභාවය සහ භෞමිකත්වය ආරක්ෂා කිරීමේ සාධාරණ හා නීත්‍යානුකූල උත්සාහයකි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම