චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේ 6 වන ප්‍රධාන විධායක නිලධාරියා තෝරා ගැනේ
2024-10-13 17:31:02
Share with:

වැඩි ඡන්ද සංඛ්‍යාවක් හිමි වූ Sam Hou Fai මහතා චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේ 6 වන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසට තේරී පත් වෙයි.

චීනයේ මැකෞ විශේෂ පරිපාලන කලාපයේ 6වන ප්‍රධාන විධායක නිලධාරියා තේරීමේ ඡන්ද විමසීම අද(13) පැවැත්විණ. සාමාජිකයන් 400කින් සමන්විත මැතිවරණ කමිටුවේ ඡන්ද විමසීමේදී පක්ෂව ඡන්ද 394ක් දිනා ගත් Sam Hou Fai මහතා 6 වන ප්‍රධාන විධායක නිලධාරියා ලෙසට තේරී පත්වී ඇත. 

ඡන්ද වීමසීම සාර්ථකව ජයග්‍රහණය කිරීමෙන් පසු ඔහු ප්‍රකාශ කළේ එම වැදගත් වගකීම භාර ගෙන සිය මැතිවරණ චින්තනය හා දේශපාලන සැලසුම අවංක ව ක්‍රියාත්මක කරනු ඇති බවයි. සුන්දර ජීවිතය උදෙසා ජනතාවගේ අපේක්ෂාව සාක්ෂාත් කිරීම සිය දේශපාලන කටයුතුවල ප්‍රධාන ඉල්ලකයක් බව හෙතෙම සඳහන් කළේය. අංග සම්පූර්ණයෙන්, නිවැරදිව මෙන්ම ස්ථිර ලෙස “එක් රටක් ක්‍රම දෙකක්” මූලධර්මය පදනම්ව රටේ ස්වාධිපත්‍යය  ආරක්ෂා කිරීමට හා සංවර්ධන ජයග්‍රහණ සහතික කිරීමට උපරිමයෙන් කටයුතු කරමින් ආර්ථික බහු දිශාවන්හී සංවර්ධනය කිරීම කඩිනම් කරමින් රටේ සංවර්ධනයට සේවය කිරීම තම ප්‍රධාන අපේක්ෂාවක් බවද හෙතෙම ප්‍රකාශ කළේය. 

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම