පියොන්ග්යැන්ග් නුවරට‍ ඩ්‍රෝන යානා යොමු කළ බවට උතුරු කොරියාවෙන් දකුණු කොරියාවට චෝදනා
2024-10-13 17:38:39
Share with:

පියොන්ග්යැන්ග් නුවරට‍ ඩ්‍රෝන යානා යොමු කළ බවට උතුරු කොරියාව දකුණු කොරියාවට චෝදනා කරයි. උතුරු කොරියා විදේශ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ තම ස්වෛරීත්වය හා ආරක්ෂාව සුරැකීමට පසුබට නොවන බවයි. දකුණු කොරියාව ඩ්‍රෝන යානා මගින් උතුරු කොරියා විරෝධී පත්‍රිකා විශාල ප්‍රමාණයක් පියොන්ග්යැන්ග් හී මධ්‍යම කලාපය වෙත හෙළා ඇතැයි එම නිවේදනයේ  දැක්වේ. තම ගුවන් සීමාව මෙලෙස උල්ලංඝනය කිරීම හමුදා ප්‍රහාරයක් ලෙසට සැලකිය හැකි බවට පවසන උතුරු කොරියාව එය දැඩිව හෙළා දැක තිබේ. උතුරු කොරියානු හමුදාවද නිවේදනයක් නිකුත් කරමින් පැවසුවේ මෙවැනි ආකාරයේ වගකීම් විරහිත සහ භයානක ක්‍රියා වහාම නතර කරන ලෙසටයි. මෙවැනි ක්‍රියා දෙපාර්ශ්වය අතර සන්න්දධ ගැටුමක් හා යුද්ධයක් දක්වා හේතුවිය හැකි බවද උතුරු කොරියාව සඳහන් කරයි.

මේ අතර උතුරු කොරියාවේ මෙම චෝදනා දකුණු කොරියා හමුදාව ප්‍රතික්ෂේප කරයි. තමන් එවැනි ආකාරයේ ඩ්‍රෝන යානා යොමු කිරීමක් සිදු නොකළ ‍බවද ඔවුහූ පවසති. උතුරු කොරියා කම්කරු පක්ෂයේ මධ්‍යම කමිටුවේ නි‍යෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ යළි දකුණු කොරියා ‍‍ඩ්‍රෝන යානා පියොන්ග්යැන්ග් ඉහළ අහසේ දකින්නට ලැබුනහොත් භයානක අනතුරක් සිදුවනු ඇති බවයි. ඊට ප්‍රතිචාර දැක්වූ දකුණු කොරියා ජාතිකාරක්ෂක අමාත්‍යංශය සඳහන් ක‍ළේ සිය වැසියන්ට අනතුරක් සිදු වුවහොත් එය උතුරු කොරියා පාලනයේ අවසානය වනු ඇති බවයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම